සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඒඩ්ස් රෝගය මර්දනය කිරීම සඳහා රජය දැඩි ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා

    ජනවාරි 07, 2016

    ඒඩ්ස් රෝගය මර්දනය කිරීම සඳහා රජය දැඩි ක්‍රියාමාර්ග ගෙන තිබෙන සම කැබිනට් ප්‍රකාශක,සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේ, එක්තරා ජාතික පුවත් පතක සෞඛ්‍ය පිළිබඳ අසත්‍ය තොරතුරු කර්තෘ වාක්‍යක සඳහන්
    කිරීම සම්බන්ධයෙන් අද (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී  ය.

     


    ලෝක සෞඛ්‍ය සංවිධානය   බෝ නොවන රෝග පිළිබඳව රෝල් මොඩලය හැටියට පවසන්නේ ශ්‍රී ලංකාවයි. කර්තෘ වාක්‍යවල
    වෙන ඒවා ලියනවා.මැලෙරියාව සම්පූර්නයෙන්ම තුරන් කර අවසන්.බරවා රෝගය අඩුවෙලා.ඩෙංගු රෝගය නිසා වූ මරණ
    55දක්වා අඩු වෙලා.ඩෙංගු රෝගීන් සංඛ්‍යාව බාගයකින් අඩු වෙලා. ඒඩ්ස් වල වැඩි වීමක් තිබෙනවා. 2252 ශ්‍රී ලංකාවෙන් වාර්තා වී
    තිබෙනවා.කලාපයේ බැලුවාම අපේ සංඛ්යාව ඉතාම අඩුයි. අපි ඒඩ්ස් මර්දනය සඳහා දැඩි ක්‍රියාමාර්ග ගණනාවක් ගෙන තිබෙනවා.

     

    දෙසැම්බර් 31 වනවිට සියලු මුදල් අන්තිම ශතයට ම මුදා හැරියා. මේ වනවිට ලෝක බැංකුව ඩොලර් මිලියන 200ක් බෝ නොවන රෝග වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවට ලබාදී තිබෙනවා.හම්බන්තොට පරීක්ෂා කළේ, ඒඩ්ස් රෝගීන් නොවේ, ගැබිණි මව්වරු සමාජ රෝග
    පිළිබඳ පරික්ෂණ පවත්වනවා. අපේ රටේ සියයට 65%ක් මිය යන්නේ බෝ නොවන රෝගවලින්. මේ කර්තෘ වාක්‍යම බොරුවක් බවද
    අමාත්‍යවරයා පැවසී ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya