සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය සෙත්සිරිපාය ට

    ජනවාරි 08, 2016
    අංක 408, කොල්ලූපිටිය ලිපිනයේ පැවති විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය 07 දා  සිට එම ස්ථානයෙන් ඉවත්කොට බත්තරමුල්ල සෙත්සිරිපාය පළමු අදියරේ 3 වන මහළ තුළ ස්ථාපිත කරනු ලැබූහ. 
    විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා විසින් සෙත්සිරිපාය 03 වන මහලේ ස්ථාපිත කරන ලද නව කාර්යාලයේ වැඩ කටයුතු සුභ මොහොතින් සෙත් පිරිත් මධ්‍යයේ ආරම්භ කරන ලදි.
     
    අමාත්‍යාංශය මගින් ලබාදෙන සේවාවන් සියල්ල නව කාර්යාල ගොඩනැගිලේ සිට වඩාත් කාර්යක්ෂමව ලබාදීමට කටයුතු කෙරෙනු ඇත. 
     
    2020 වර්ෂයේදී විද්‍යාව හා තාක්ෂණයෙන් උසස් රටක් බවට ශ‍්‍රී ලංකාව පත්කිරීම පෙර දැක්ම කරගනිමින් ක‍්‍රියාත්මක වන අතර නව රජය විසින් ඉදිරි වර්ෂ සඳහා රජයේ සංවර්ධන සැළසුම් සකස් කිරීමේදී විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ වැදගත්කම වටහා ගනිමින් ඒ සඳහා ප‍්‍රමුඛතාවයක් ලබාදී තිබේ.
     
    එහි ප‍්‍රතිලාභ මේ රටේ සමස්ථ ජනතාවට ලබාදීමට ඉදිරියේදී කටයුතු කිරීමටත් නව රජයේ සංවර්ධන ක‍්‍රියාදාමයට පූර්ණ දායකත්වය සැපයීමක් ලෙස ශ‍්‍රී ලංකාවේ පරිපාලන අග නගරය බවට පත්වෙමින් තිබෙන බත්තරමුල්ල නගරයට විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය ද  රැගෙන යාමට කටයුතු කරන ලදි. 
     
    ශ‍්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනයට අත්‍යාවශ්‍ය වූ නිෂ්පාදනයන්හි ගුණාත්මකභාවය හා ඵලදායීතාව වැඩි දියුණු කිරීමත්, ආර්ථික ක‍්‍රියාදාමයන් පුළුල් කිරීම සඳහා විද්‍යාත්මක පර්යේෂණ සංවර්ධනය සහ තාක්ෂණ පැවරුම් ඇතුලත්ව විද්‍යාව හා තාක්ෂණය වැඩි දියුණු කිරීමට සහ ප‍්‍රචලිත කිරීමට අවශ්‍ය ප‍්‍රතිපත්ති සම්පාදනය හා ක‍්‍රියාත්මක කිරීම සිය මෙහෙවර කරගනිමින් විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයක‍්‍රියාත්මක වන අතර ඒ යටතේ වැඩසටහන් ගණනාවක් ක‍්‍රියාත්මක වේ.  
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya