සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික දේශපාලනයේ නන්නත්තාර වී සිටින ඇතැමුන් රට බෙදිමේ මන්තරය නැවතත් මතුරනවා - රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර

    ජනවාරි 07, 2016

    ජාතික දේශපාලනයේ නන්නත්තාර වී සිටින ඒකාබද්ධ විපක්ෂයේ යැයි කියා ගන්නා ඇතැම් පිරිස් රට බෙදිමේ මන්තරය නැවතත් මතුරමින්,නැවතත් මෙරට ජාතිවාදය වැපීරීමේ අසාර්ථක උත්සහයක නිරත වන බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

     

    රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ (06) පුත්තලම ප්‍රදේශයේ දී පැවති උත්සවයකදී මේ බව පැවසී ය.

     

    එක්නැලිගොඩ මාධ්‍යවේදියා කොටියෙකු යැයි දැන් පවසන අන්තවාදී ජාතිවාදීන් අතලොස්සක් දෙනාට මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් නැවත මතක් කර දිය යුතු බවත්, විකල්ප මතයක් දැරීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට දඬුවම 'අතුරුදන් කිරිම' යැයි පුන පුනා ප්‍රකාශ කරන මෙම ජාතිවාදීන්ගේ මධ්‍ය සාකච්ඡා පවා වර්ජනය කිරීමට මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන තීරණයක් ගත යුතු බවත් ඇමතිවරයා පැවසීය.

     

    මේ ආණ්ඩුව නව ව්‍යවස්ථාවෙන් රට බෙදීමට යන බවට පරණ මන්තරය මැතිරීමට නන්නත්තාර වූ ඇතැම් දේශපාලඥයන් උත්සාහ ගන්නවා. ජනතාව මේවාට රැවටුණ කාලය අවසන්. විශාලම ජාතී වාදී පිරිසෙන් අප පසුගිය ජනවාරී 08 නිදහස් වුණා.



    තව ටික දිනකින් මෝරුන් කිහිප දෙනෙකු බන්ධනාගාර ගත වීම වළක්වා ගැනීමට පොඩි පොඩි හාල් මැස්සෝ කිහිප දෙනෙකු මාධ්‍ය සාකච්ඡා පවත්වනවා. අපරාධ කර ඇත්තේ හමුදා සාමාජිකයන් ද නැත්තම් වෙනත් පුද්ගලයන් ද යන්න නීතියට අදාළ නෑ. හමුදා නිලධාරීන් ඇතැමුන්ගේ දේශපාලන අවශ්‍යතා මත නිරායුධ සිවිල් වැසියන් අතුරුදන් කළේ නම් ඒවට දඬුවම් විඳිය යුතුයි. මේ හාල් මැස්සන් කිඹුල් කදුළු හෙලන්නේ රණවිරුවන්ට ඇති ආදරයට නොවේ යැයි ද අමාත්‍යවරයා පැවසීය.

     

    රට ත්‍රස්තවාදින්ගෙන් ආරක්ෂා කර ගත්තේ සැබෑ රණවිරුවන්. මෙවැනි මාධ්‍යවේදීන්ට පහර දීමට, අතුරුදන් කිරීමට සැබෑ රණවිරුවන්ට කිසිම අවශ්‍යතාවක් නෑ. එක්නැලිගොඩ කොටියෙකු නම් ඒ ගැන ජාතික ආරක්ෂක කවුන්සිලයට හිටපු ආරක්ෂක ලේකම්වරයා දැනුම් දිය යුතුව තිබුණා. එවිට එක්නැලිගොඩව නීත්‍යාකනුකූලව අත්අඩංගුවට ගත හැකිව තිබුණා. එසේ නොමැතිව කොටියා කොටියා කියලා දැන් පවසන්නේ කොටියන් මැරිය යුතු බව ද? එසේනම් ලොකුම කේ.පී. කොටියව ආරක්ෂාවක් ලබාදීලා තබාගත්තේ ඇයි? මේ ජාතිවාදින් සියළු දෙනා,එයට පිළිතුරු දිය යුතුයි යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya