සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    'ජනවාරි 09 වැනිදා ව්‍යවස්ථාව' 5/6 ක බහුතර බලයෙන් සම්මත කරගන්නවා- ඇමති සජිත් පේ‍්‍රමදාස

    ජනවාරි 07, 2016

    රටේ ජනතාව සවිබල ගැන්වීමට, රටේ පාලන බලය ජනතාවට හිමිකර දෙන මෙම ජනතාවාදි නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේදී 5/6 ක බහුතර බලයෙන් සම්මත කොට ක්‍රියාත්මක කරනවා ” යනුවෙන් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ හම්බන්තොට නාගරික බල ප්‍රදේශයේ අඩු ආදායම් ලාභි පවුල් 266ක් සඳහා රුපියල් ලක්ෂ 66ක් වටිනා සනීපාරක්ෂක උපකරණ හා මුල්‍යාධාර ප්‍රදානය කිරීම සඳහා හම්බන්තොට නිම්බාරාම විහාරස්ථනයේදී පසුගියදා පැවති උත්සවයකට එක් වෙමිනි.


    හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා යහපත් සෞඛ්‍ය සම්පන්න ජන ජීවිතයක් උදා කරදීමේ අරමුණින් මෙම සනීපාරක්ෂක කට්ටල පිරිනැමීමේ වැඩසටහන දියත් කර තිබේ. තවත් පවුල් 500ක් සදහා පමණ මෙම සහනය ලබා දෙන්නට කටයුතු යොදා ඇත. අවශ්‍යතාව ඇති ජනතාවට සහන ලබාදීම මෙහි අරමුණයි. මෙම වැඩසටහන්වල ප්‍රතිලාභ ලබන්නට අවශ්‍ය එකම සුදුසුකම නැති බැරි කමයි. කිසිඳු භේදයකින් තොරව නැති බැරි ප්‍රජාවට සහන ලබා දීමට කටයුතු කරනු ලැබේ යයි අමාත්‍යවරයා පැවසීය.


    හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිවාස ප්‍රශ්නය වසර 5ක් තුළදීත්, රටේ නිවාස ප්‍රශ්නය වසර 10ක් තුළදීත් විසඳා 2025 වසර වන විට සැමට සෙවණ ලබා දීමට කටයුතු කරනු ලබන බවත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉඩම් අහිමි සැමට ඉදිරි කාලයේ දී ඉඩමක අයිතිය ලබාදීමටත්, නිවෙස් ඉඳිකිරීමට රුපියල් 250,000/= ක අඩුපොළි නිවාස ණය මුදලක්ද ලබාදීමටත් කටයුතු කරන බවත් මෙහි දී සඳහන් විය.


    හම්බන්තොට ජනතාව දිගු කලක සිට බලාපොරොත්තු වූ මිරිජ්ජවිල පාලම ඉදිකිරීම ළඟදීම ආරම්භ කර නුදුරු අනාගතයේදීම ජනතා අයිතියට පැවරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.


    මෙහි දී ලබන 09 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ව්‍යවස්ථාව පිළිබඳව අමාත්‍යවරයා අදහස් දැක්වීය. ජනවාරි 09 වැනිදා නව ව්‍යවස්ථාවක් ගෙන එමින් පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදන සභාවක් බවට පත්කොට ජනතා පරමාධිපත්‍ය සුරක්ෂිත කිරීමට වත්මන් රජය සැලසුම් දියත් කොට තිබේ. යහපාලන රජය නව ව්‍යවස්ථාවක් ගෙන එන්නේ රටේ බිඳ වැටුණු ඒකීය භාවය යළි සුරක්ෂිත කිරීමටයි. මැතිවරණ පොරොන්දුවකට පමණක් සීමා වී තිබිණු විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කර ජනතාවට බලය ලබාදෙන ආණ්ඩු ක්‍රමයක් තනන්නට සුදානම් වේ.


    රට තුළ සංහිදියාව, සහෝදරත්වය, එකමුතුභාවය නිර්මාණය වූයේ යහපාලන රජයේ ආගමනයත් සමඟයි. ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ යහපාලන වැඩපිළිවෙල සුළු ජාතීන්ගේ පවා ගෞරවයට ලක් වී තිබේ. ඔවුන් පාලනාධිකාරය කෙරෙහි අද වන විට විශ්වාසය තබා සිටිති. එය රටක් ලෙස අප ලැබු විශාල ජයග්‍රහණයකි.


    නව ව්‍යවස්ථාව තුළින් රටේ ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු වේ. ජනතාවගේ පරමාධිපත්‍ය බලය සුරක්ෂිත වේ. ස්වාධීන පොලිස් කොමිසම, ස්වාධීන මැතිවරණ කොමිසම, ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම හා ස්වාධින අධිකරණ පද්ධතියක් රට තුළ ගොඩනැගීමෙන් රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරක්ෂිත වේ, යනුවෙන් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya