නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංවර්ධන ඉලක්ක ජය ගෙන ජනතාවට උපරිම සේවාවක් සලසනවා - අමාත්‍ය දිලිප් වෙදආරච්චි

    ජනවාරි 06, 2016
    එළඹුණු 2016 වසර සංවර්ධන වසරක් ලෙස සලකා ඉලක්කගත වැඩපිළිවෙලක් යටතේ එම ඉලක්ක ජය ගැනීම සඳහා කැපවී ක්‍රියා කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.
    නව වසරේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ කටයුතු ආරම්භ කිරීම නිමිත්තෙන් අද පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
     
    2016 වසර සංවර්ධන වසරක් ලෙස රජය ප්‍රකාශයට පත් කර ඇති බවත්, ධීවර ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා මෙන්ම සමස්ත ශ්‍රී ලංකාවේ ම සංවර්ධනය වෙනුවෙන් ජනතාවට වඩ වඩාත් සහන ලබා දීම සඳහා ද තමා නිරන්තරයෙන් කැප වන බවත් එහිදී අමාත්‍යවරයා පැවසීය.
     
    සීමා මායිම් නොතකා ජනතා ගැටලුවලට මැදිහත් වී ලැබිය යුතු සහන ජනතාවට උපරිමයෙන් ලබා දීමට කටයුතු කරන බව සඳහන් කළ අමාත්‍යවරයා තමා වෙත ඉදිරිපත් වන ඕනෑම ගැටලුවකට උපරිම සාධාරණත්වයක් ඉටු කිරීමට නොපැකිලව කටයුතු කරන බව වැඩිදුරටත් පැවසීය.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya