නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලයිලා සහ සුරුක්කු දැල් පන්න ක්‍රමය තහනම්.

    ජනවාරි 06, 2016
    ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය සඳහා භාවිතා කරන ලයිලා සහ සුරුක්කු දැල් යොදා සිදු කරනු ලබන මත්ස්‍ය කර්මාන්තය වහාම තහනම් කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදීය. 
     
    එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ලයිලා සහ සුරුක්කු දැල් යොදා ධීවර කර්මාන්තයේ යෙදීම  තාවකාලිකව තහනම් කර තිබුණත් ඒවා නිසියාකාරව ක්‍රියාත්මක නොවූ බැවින්, ජනවාරි 5 දා සිට මෙය නීතියක් බවට පත්වන බවත්, එබැවින් එම පන්න ක්‍රමයට තවදුරටත් ඉඩදිය නොහැකි බවත්, අමාත්‍යවරයා පැවසීය.
     
     “කිමිදුම්කරුවන් යොදා මසුන් ඇල්ලීමද මෙම පන්න ක්‍රමයට අයත් වන අතර, එයද තහනම් කරනවා.” යම් අවස්ථාවක එසේ ධීවර කර්මාන්තයේ යෙදුණහොත් එම ආම්පන්න හා බෝට්ටු රාජසන්තක කරන බවද අමාත්‍යවරයා අවධාරණය  කළේය.
     
    “එමෙන්ම ඩයිනමයිට් යොදා මසුන් මරන අයට විරුද්ධව, පුපුරන ද්‍රව්‍ය ආඥා පනත යටතේ නඩු පැවරීමට කටයුතු කරන අතර,  ඩයිනමයිට් යොදා මරන මාළු විකුණන අයත්, ප්‍රවාහනය කරන අයත්, අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය උපදෙස් අදාළ නිලධාරීන්ට හා ආරක්ෂක අංශ වෙත දැනුම් දී තිබේ.” 
     
    මෙම පන්න ක්‍රමය වෙනුවට විකල්ප පන්න ක්‍රමයන් හඳුන්වා දීමටත්, ඒ සඳහා අවශ්‍ය මග පෙන්වීම ලබා දෙන බව පවසන අමාත්‍යවරයා, රටක් විදියට නීතිය ක්‍රියාත්මක කරන අතර, එක් පාර්ශවයකට, එක් ප්‍රදේශයකට  සහ දේශපාලනඥයකුගේ 
    උවමනාව මත ක්‍රියාත්මක කිරීමට කිසිසේත් ඉඩ ලබා නොදෙන බවද අමාත්‍යවරයා පැවසීය. 
     
    එම නිසා අදාළ බලධාරීන්ට නීති විරෝධීව කටයුතු සිදු කරන අය අත් අඩංගුවට ගැනීමේ දී සහ නීතිමය කටයුතු වලදී කිසිදු දේශපාලන බලපෑමකට යටත් නොවී, ඒ පිළිබඳව ස්වාධීනව කටයුතු සිදු කරන ලෙසත් එම නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන අතර, එසේ යම් බලපෑමක් කළහොත් ඒ පිළිබඳව දැනුවත් කරන ලෙසද ඉල්ලා සිටින බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය. 
     
    මෙම අවස්ථාවේදී නාරා ආයතනය මගින් සිදු කරන ලද ලයිලා සහ සුරුක්කු දැල් යොදා සිදු කරන ධීවර කර්මාන්ත පිළිබඳව ශක්‍යතා වාර්තාව අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත එම ආයතනයේ සභාපති අනිල් ප්‍රේමරත්න මහතා විසින් භාරදෙන ලදී. 
     
    මෙම අවස්ථාව සඳහා ධීවර අමාත්‍යංශයේ ලේකම් ඩබ්.එම්.එම්.ආර්. මහත්මිය නාරා ආයතනයේ සභාපති අනිල් ප්‍රේමරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි විය.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya