මෙහිදී අදහස් දැක්වූ සුබීර් ගෝකාන් මහතා ප්‍රකාශ කළේ කලාපයේ රාජ්‍යයන්හි ආර්ථික කටයුතු පිළිබදව තමා නිරීක්ෂණය කරමින් සිටින බවය.
එහි පළමු පියවර ලෙස ශ්‍රී ලංකාව තෝරාගත් බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් කළ හැකි උපරිම දායකත්වය ලබාදෙන බවත් සුබීර් ගෝකාන් මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව, බංගලාදේශය, භූතානය, ඉන්දියාව යන රටවල් නියෝජනය කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය තුළ පෙනී සිටින්නේ සූබීර් ගෝකාන් මහතාය.
මෙහිදී අදහස් දැක්වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රට තුළ පවත්වාගෙන යනු ලබන යහපාලන සංකල්පය වර්තමානයේ ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇති බවයි. එවැනි පසුබිමක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ශ්‍රී ලංකාවට හිමිවීම ඉතා වැදගත් පියවරක් වනු ඇති බවද රවී කරුණානායක මහතා පැවසීය.
මෙම අවස්ථාවට මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මහේන්ද්‍ර සිරිවර්ධන මහතාද සහභාගි වී සිටියේය.
AP