ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරක යෙදී සිටින පාකිස්ථාන අග්‍රමාත්‍ය නවාස් ෂරීෆ් මැතිතුමා අද (06) ඓතිහාසික මහනුවර නගරයේ සංචාරයක නිරත වීමට නියමිතය.
එහි දී පූජනීය දන්ත ධාතූන් වහන්සේට නමස්කාරය පුද කිරීමටත් මහනුවර පිහිටි මුස්ලිම් දේවස්ථානයකට හා ජින්නාහ් මධ්‍යස්ථානයට යාමටත් නියමිතය.
තවද පේරාදෙණිය උද්භිද උද්‍යානය නැරඹීමට යන එතුමා එහි දී ශ්‍රී ලංකා සංචාරය සිහිගන්වනු වස් “කරඳ” (Pongamia pinnata) ශාකයක් රෝපණය කරනු ඇත.