මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතා ජයග්‍රහනයේ පළමු වර්ෂ පූර්ණය-ජනජය පාපැදි සවාරිය 2016

    ජනවාරි 05, 2016

    යහපාලන සම්මුති ආණ්ඩුවේ පළමු පදවි පාප්තිය නිමිත්තෙන් සංවිධානය කෙරෙන ජනජය පාපැදි සවාරිය - 2016 තරඟාවලිය ජනවාරී 08 හා 09 යන දෙදින පුරා පැවැත්වෙන බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (05) පැවති මාධ්‍ය හමුවක දී ඇමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

    අමාත්‍ය දයා ගමගේ මහතාගේ මූලිකත්වයෙන් සහ ශ්‍රී ලංකා පා පැදි සම්මේලනය හා ශ්‍රී ලංකා පොලීසියේ විශේෂ දායකත්වයෙන් සංවිධානය කරන මෙම පා පැදි තරගය ලබන 08 වන දින උදෑසන 8.30 අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයෙන් ආරම්භ වන අතර එය නිමා වන්නේ කොළඹ විහාරමහාදේවී උද්‍යානය අසළිනි.

    දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයෙන් ආරම්භ වන පා පැදි සවාරිය පළමු දින පොළොන්නරුව හරහා මාතලේ අළු විහාරය අසලට පැමිණ පළමු දිනය නිමා කරයි. දෙවන දින (09) උදෑසන 8.30ට මාතලේ නගරයෙන් ආරම්භ වී මහනුවර ප්‍රදේශය හරහා ගමන් කර විහාරෙමහාදේවී උද්‍යානය ඉදිරිපිට කොළඹ නව නගර ශාලාව අසළින් නිමාවට පත් වේ.


    පිරිමි ව්‍රවෘත තරගයක් ලෙස පැවැත්වෙන මෙම පා පැදි සවාරිය සඳහා ශ්‍රී ලංකාවේ ලියාපදිංචි පා පැදි ධාවකයන් 150 දෙනෙකු පමණ සහභාගී වීමට නියමිත අතර මේ ඔස්සේ පැදි ක්‍රිඩාව ජාත්‍යන්තරයට ගෙනයාමට උත්සාහ ගන්නා බව සඳහන් විය.

    මේ සඳහා රුපියල් ලක්ෂ 55ක් පමණ වැය වන අතර ඒ වෙනුවෙන් රජය කිසිඳු වැය බරක් නොදරයි. ඒ වෙනුවෙන් ඩයලොග් ආසියාටා සමාගම, එල්. ජී. අබාන්ස් සමාගම සහ බිම්පුත් ෆයිනෑන්ස් සමාගම සම අනුග්‍රහය දක්වයි.

    මෙම තරඟාවලියේ දී රුපියල් ලක්ෂ 15ක පමණ ත්‍යාග ලබා දීමට කටයුතු සම්පාදනය කොට ඇති බවත්, ප්‍රථම ස්ථානය සඳහා රුපියල් 250,000ක සිට විසි වන ස්ථානය දක්වා මුදල් ත්‍යාග ලබාදීමටත්, ඊට අමතරව හොඳම යොවුන් ක්‍රීඩකයා, දක්ෂතම කඳු තරණය කරන්නා, ස්ප්‍රින්ටර් ජයග්‍රාහකයා සහ හොඳම කණ්ඩායම ඇගයීමට ද නියමිතය.

    මෙම පා පැදි සවාරියට සමගාමීව ජනවාරී 08 වනදා දිවයින පුරා අපනයන බෝග පැල ලක්ෂ 2ක් සිටුවා මෙය ආරම්භ කරන බව ද අමාත්‍යවරයා පැවසී ය.

    මෙහි සංවිධාන කටයුතු පිළිබඳව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපති වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා අදහස් දැක් වූ අතර අනුග්‍රාහක සමාගම් තුනෙහි නියෝජිත පිරිස් වෙතින් අමාත්‍යතුමන් වෙත චෙක්පත් ප්‍රදානය කිරීම ද මෙහි දී සිදු විය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය දර්ශනී ගුණතිලක මහත්මිය, ශ්‍රී ලංකා පාපැදි සම්මේනලයේ සභාපති වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, ශ්‍රී ලංකා පාපැදි සම්මේනලයේ ලේකම් ගෘෘප් කපිතන් කිත්සිරි ලීලාරත්න, ඩයලොග් ආසියාටා සමාගමේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී රමනන් මහතා, එල්. ජී අබාන්ස් සමාගමේ සාමාන්‍යාධිකාරී අජිත් ප්‍රියශාන්ත, බිම්පුත් ෆයිනෑන්ස් සමාගමේ අධ්‍යකෂ හර්ෂ ද සිල්වා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya