අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාකිස්තානු අගමැතිවරයාගේ මහනුවර සංචාරය

    ජනවාරි 05, 2016
    දෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණ සිටින පාකිස්තානු අග්‍රාමාත්‍ය නවාස් ෂරී‍ෆ් මහතා ඇතුළු පිරිස හෙට (06) මහනුවර සංචාරය කිරීමට නියමිතය. 
    ඒ අනුව එදින පෙ.ව.10.00 ට මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණෙන අග්‍රාමාත්‍යවරයා එහි ආගමික වත්පිළිවෙත් වලට සහභාගී වීමෙන් අනතුරුව එහි කෞතුකාගාරය නැරඹීමට නියමිතය. 
     
    දළදා මාළිගාවේ ආගමික වැඩසටහන් වලින් අනතුරුව මහනුවර මීර මක්කම් පල්ලියේ පවත්වන විශේෂ ආගමික වැඩසටහන සදහා පෙ.ව. 10.50 ට සහභාගී වන පාකිස්ථානු අග්‍රාමාත්‍යවරයා මහනුවර ජින්නා මධ්‍යස්ථානයට පැමිණෙ‍න්නේ පෙ.ව.11.00 ටය. 
     
    අග්‍රාමාත්‍යවරයාගේ මහනුවර සංචාරය අවසන් කරන්නේ පේරාදෙණිය උද්භිද උද්‍යානයෙනි. ඒ අනුව එදින පෙ.ව. 2.00 ට පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයට පැමිණෙන පාකිස්තානු අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස උද්‍යානය නැරඹීමෙන් පසු තම සංචාරය සිහිවීම පිණිස රුක් රෝපණ වැඩසටහනකටද සහභාගී වීමට නියමිතය.
     
    AP/DMU-Kandy
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya