මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාකිස්ථාන අගමැති ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත වෙයි

    ජනවාරි 04, 2016

    පාකිස්ථාන අගමැති නවාස් ෂරීෆ් මැතිතුමා මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය.

    අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ මැති ඇමැතිවරුන් විසින් අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මැතිතුමා සහ බෙකම් කල්සුම් ෂරීෆ් මැතිනිය කටුනායක,බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී පිළිගනු ලැබීය.

     

    පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා විසින් තම නිල සංචරය සනිටුවහන් කරමින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ
    පරිශ්‍රයේ දී සමරු අත්සන තැබීමද සිදු කළේ ය.

     

    පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, හෙට  ( ජනවාරි 05 ) දින කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වේ. මෙහි දී ත්‍රිවිධ හමුදා ආචාර වෙඩිමුර සහ උත්තමාචාර පවත්වමින් පැමිණ සිටින පාකිස්ථාන අග්‍රාමාත්‍යතුමා උත්සවාකාරයෙන් පිළිගැනීමට කටයුතු යොදා ඇත.



    ශ්‍රී ලංකාවට පැමිණ සිටින පාකිස්ථාන  අග්‍රාමාත්‍යවරයා සමඟ පවත්වන නිල ද්විපාර්ශ්වික සාකච්ඡා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
    මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා , කැබිනට් අමාත්‍යවරු හා
    රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම සාකච්ඡාවලට සහභාගී වන නියෝජිත පිරිසට ඇතුළත් වෙති.

     

    sarif 2

     

    sarif 3

     

     

    ඡායා රූප- යමුනී රශ්මිකා පෙරේරා
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya