මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර පුරා දිවෙන අසම සම සංවර්ධන විප්ලවයක් 8 වැනිදා ඇරඹේ- අමාත්‍ය සජිත් ප්‍රේමදාස

    ජනවාරි 04, 2016

    ජනවාරී 8 වැනිදා කිසිඳු සැණකෙලී සංද්ර්ශනයක් පවත්වන්නේ නෑ. අපේ අරමුණ ජනවාරී 8 වැනිදා සිට 2016 වර්ෂය පුරා ශ්‍රී ලංකාවේ පළාත් නවයම ආවරණය වන සංවර්ධන විප්ලවයක් ක්‍රියාත්මක කිරීමටයි යැයි නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

     

    සැමට සෙවන වැඩසටහන යටතේ අඩු ආදායම් ලාභී පවුල් සඳහා විසිරි නිවාස ණය පිරිනැමීම සඳහා රිටිගහයාය විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී පැවති ජනහමුවේ දී අමාත්‍යවරයා මේ බව පැවසීය.

     

    මෙහි දී ජනතාව අමතා අදහස් දැක් වූ අමාත්‍යවැරයා සඳහන් කළේ, නිවාස වැඩි දියුණු කරගැනීමේ විසිරි ණය වශයෙන් හදුන්වන මෙම නිවාස ණය මුදල ලබා දෙන්නේ නිවසේ වැඩ කටයුතු නිමාකර ගැනීමට නොහැකිව සිටින පිරිස් වෙත නිව‍සේ වැඩ කටයුතු නිමා කරගැනීම සඳහා බවයි.

     

    2016 වසරේ දී ශ්‍රී ලංකාවේ නව උදා ගම්මාන 200ක් ආරම්භ කරන අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ තවත් උදා ගම්මාන 200ක් ආරම්භ කරන බවත් එම සියලුම බිම් කොටස් සඳහා රජයෙන් ඔප්පු පිරිනැමෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. මේ යටතේ ප්‍රතිලාභ ලබන පවුල් වලට ඉඩම් කැබැල්ලක අයිතිය හා උදා ගමක ජීවත් වීමේ අයිතිය ලබාදෙන අතරම නිවසක් ඉදිකරගැනීම වෙනුවෙන් රුපියල් 250,000/= ක් ඉතා අඩු පොලී ණය මුදලක් ද ලබා දෙයි.

     

    මෙලෙස ඉඩම් ලබාදෙන්නේ තිස්ස මහාරාම මැතිවරණ කොට්ඨාසයෙනි.මේ වන විට එම මැතිවරණ කොට්ඨාසයේ උදාගම්මාන 12ක් ආරම්භ කොට ඇත.

     

    ඉතාම දිළිඳු පවුල් සඳහා සෙවන අරමුදලින් නිවාස අධාර ලබාදුන්නද අප වඩාත් දිරිමත් කරන්නේ නිවාස ණය ලබාදීමටයි. එහි යම් සමාජ වගකීමක් පවතී. ගත් ණය පියවන විට නැවත තවත් පිරිසකට ලබා දීමට හැකි වේ. නිවාස ණය සඳහා වාර්ෂික පොලිය 3.73% කි, අමාත්‍යවරයා දැක්වීය.

     

    ඉදිරි වසර 5 ඇතුළත හම්බන්තොට දිස්ත්‍රික්කයට රජයේ රැකියා 20,000ක් ලබාදීමටත් පෙදරේරු රැකියාවල නිරත වී සිටින අයට උපකරණ කට්ටල ලබාදීම, පුහුණු කිරීමේ වැඩසටහන්, සහතික පත්‍ර ලබාදීම, බරවාහන පැදවීම පුහුණු කිරීමේ වැඩසටහන් ආදී සුවිසල් වැඩ කොටසක් මෙම වසරේ දී ඉටු කිරීමට සැලසුම් සම්පාදනය කොට තිබෙන බවත් ඒ මහතා අප විප්ලවය සමරන්නේ පොදු ජනයාට සහන ලබාදෙමිනි, යයි වැඩි දුරටත් සඳහන් කළේය.

     

    මෙම උත්සවයේ දී කටුවන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී වසම් 84කට අයත් අඩු ආදායම් ලාභී පවුල් 852ක් සඳහා රුපියල් 50,000/= බැගින් අඩු පොළී නිවාස ණය පිරිනැමුණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya