අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සේවකයන්ට සහනදායි මිලට භාණ්ඩ ලබා ගැනීමට ක්‍රමයක්

    ජනවාරි 04, 2016
     
    සියලුම රාජ්‍ය සේවකයන්ට සතොස ශාඛාවන් හරහා විශේෂ සහනදායි මිලකට පාරිභෝගික භාණ්ඩ ලබාගැනීමේ වැඩපිළිවෙලක් සකස් කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. දැනටමත් මේ සඳහා සුදුසු වැඩපිළිවෙලක් තම අමාත්‍යාංශය සකස් කරමින් සිටින බවත් ඉතාමත් ඉක්මනින් මෙම අවස්ථාව සියලුම රජයේ සේවකයන්ට ලබාදීමට කටයුතු කරන බවත් බදියුදීන් අමාත්‍යවරයා සඳහන් කළේය. 
    අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේ පසුගියදා (01 දා) රත්මලාන සතොස ශාඛාවේ පැවති උත්සවයකට සහභාගි වෙමිනි.
     
    එහිදී තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා , “පාඩු ලබන ආයතනයක් ලෙස පසුගිය කාලය පුරාම ජනප්‍රිය වී තිබූ සතොස නඟා සිටුවීමට විශේෂ කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. එහි ප්‍රතිඵලය වැඩි ඈතක නොවෙයි,  මේ මාර්තු 31 වන විට සතොස අනිවාර්යෙන්ම ලාභ ලබන ආයතනයක් බවට පත් කරනවා.  එසේම සියළුම රජයේ සේවකයන්ට සතොසින් විශේෂ සහනදායි මිලකට පාරිභෝගික භාණ්ඩ ලබාගැනීමට වැඩපිළිවෙලක් සකස්කරන අතරම ත්‍රිවිධ හමුදාවේ ආහාරපාන සඳහා අවශ්‍ය භාණ්ඩ ද සතොස හරහා ලබාදීමට කටයුතු කරනවා .” යැයිද පැවසීය.
     
    මේ වන විට 310 ක් වන සතොස ශාඛා ජාලය මේ වසර අවසන් වන විට 500 ක් දක්වා වැඩි කිරීමටත් එම සියළුම ශාඛා පරිගණක ගත කර පාලනය කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසීය.
     
     AP
     
     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya