අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රොබොටික් ලෝක ශුරතාවය ජර්මන් ටෙක් සිසුන්ට

    ජනවාරි 04, 2016
     
    "TECHFEST- 2015" විද්‍යා හා තාක්ෂණ ප්‍රදර්ශනයේ රොබෝ තාක්ෂණ  ( Robotics ) අංශයෙන් තරඟ කර ලෝක මට්ටමේ පළමු ස්ථානයක් දිනාගැනීමට ශ්‍රී ලංකා ජර්මානු තාක්ෂණ ආයතන ( German Tech ) ශිෂ්‍ය කණ්ඩායම සමත්වී ඇත.
    ඉන්දීය තාක්ෂණ ආයතනය විසින් ඉන්දියාවේ මුම්බායිහීදි පැවැත්වූ ආසියාවේ විශාලතම විද්‍යා හා තාක්ෂණ ප්‍රදර්ශනය මෙයයි. මෙම ශිෂ්‍ය කණ්ඩායමට එච්.ආර්.අර්ජුන ප්‍රේමචන්ද්‍ර, පී.කේ.ඩී.පල්ලෙවෙල , ආර්.ටී.එල්.දෙහිපිටිය, ජේ.ඩී.විතානාච්චි , එස්.පී.සී.එස්. කරුණාරත්න යන සිසුන් 05 දෙනා අයත් වෙති.
     
    මෙම තරඟාවලිය ලෝකයේ තාක්ෂණ විශ්ව විද්‍යාල අතර පැවැත්වෙන්නක් වන අතර මෙරටින් මොරටු විශ්ව විද්‍යාල කණ්ඩායමක් හා ICBT විශ්ව විද්‍යාලයේ කණ්ඩායමක් සහාභාගි වී තිබුනි.
     
    මෙම සිසුන් 05 දෙනා විසින් දුරස්ථ පාලක හා පරිගණක තාක්ෂණය ඇසුරින් විනිසුරුවන් ලබාදෙන කාර්ය ඉතාම කෙටි කාලයකින් ( මි.02කින් ) නිම කර ප්‍රංශය , ඉන්දියාව, දකුණු කොරියාව , ඊජිප්තුව, පිලිපීනය, පාකිස්ථානය වැනි රටවල් 20 ක තරඟකරුවන් පරාජයට පත්කර මෙම ලෝක සම්මානය දිනාගෙන තිබේ.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya