අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිතුදම ශක්තිමත් කරමින් පාකිස්ථාන අගමැති අද එයි

    ජනවාරි 04, 2016

    ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් පාකිස්ථාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මැතිතුමා අද (04) දිවයිනට සම්ප්‍රාප්ත වීමට නියමිතය.

    2016 වසරේ ශ්‍රී ලාංකාවට සම්ප්‍රාප්ත වන පළමු රාජ්‍යතාන්ත්‍රික නායකයා ලෙස ද පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගේ පැමිණීම හැදින්විය හැක.

     

    පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා රැගත් විශේෂ ගුවන්යානය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණීමෙන් අනතුරුව ශ්‍රී ලංකා අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු සම්භාවණීය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් ගෞරවාන්විතව පිළිගැනීමට නියමිතය.


    පකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයේ දී දෙරටට බලපන ආර්ථික, සාමාජීය, දේශපාලණික සංස්කෘතික වශයෙන් වැදගත් වන්නා වූ ද්විපාර්ශවීය සාකච්ඡා රැසක් පැවැත්විමට නියමිත අතර ගිවිසුම් කීපයකට ද අත්සන් තැබීමට නියමිතය.

    අද රාත්‍රියේ පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන ආරාධිත රාජ්‍ය තාන්ත්‍රිකයන් සඳහා රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පැවැත්වෙයි.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා හෙට (05)  නිලවශයෙන් හමුවීමට ද නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya