අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව වසරේ රාජ්‍ය සේවකයින් වශයෙන් අපි අපේ පොදු වගකීම් නිසි පරිදි ඉටුකරමු

    ජනවාරි 02, 2016

    විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය වශයෙන් අපේ කාර්යභාරය අතිවිශාලයි. වගකීම් සහිතයි. මහජනතාව ඒ කාර්යභාරය ගැන මහා බලාපොරොත්තු තබාගෙන සිටිනවා. අපේ නායකත්වය ඒ ගැන බලාපොරොත්තු තියාගෙන උපේක්ෂාවෙන් බලාගෙන සිටිනවා. ඒ නිසා අපි සහෝදරයෙන් වගේ කැපවෙලා ඒ දුෂ්කර ගමන යන්න අධිෂ්ඨාන කරගමු. අපිට අවසානයේ සතුටු විය හැක්කේ, අපේ පොදු වගකීම් නිසි පරිදි ඉටුකළොත් පමණයි. ඒ නිසා මේ උදාවූ නව වසරේ රාජ්‍ය සේවකයින් වශයෙන් අපි අපේ පොදු වගකීම් නිසි පරිදි ඉටුකරමු" යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

    ඒ මහතා මේ අදහස් පළකළේ 2016 නව වසර වෙනුවෙන් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ නිල වශයෙන් රාජකාරි ඇරඹීම වෙනුවෙන් ඊයේ (01) පෙරවරුවේ අමාත්‍යාංශ පරිශ‍්‍රයේ පැවති උත්සව අවස්ථාවකට සහභාගි වෙමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා 

    "අද ඉතාමත් වැදගත් දවසක්. 2016 නව වසර උදාවන දවස. අපි 2015 නිමා කළා. අද අපි මේ කරන්නේ 2015 අපේ වගකීම් හරියට ඉටුකළාද යන්න විමසා බැලීමයි. අපි අපේ කාර්යභාරය කාර්යක්ෂම, සඵලදායිව, තිර අධිටනින්, උපරිම කැපවීමෙන්, අවංකභාවයෙන්, මහජනතාවට පක්ෂපාතීව ඉටුකරනවා කියලා අපි අද ප‍්‍රතිඥා දුන්නා. මේ ටික නිසි පරිදි සිදුවෙනවා නම් අපිට අපේ රාජකාරියේ නියමිත ඉලක්ක කරා ළඟාවීම ඉතාමත් පහසු වෙනවා. මම හිතනවා අපේ නිලධාරීන් 2015 වසරේදී මේ කටයුතු නිසි පරිදි ඉටුකළා කියලා. ඒ නිසයි අමාත්‍යංශයක් වශයෙන් අපිට ඉදිරියට යන්න හැකි වුණේ. ඒ ප‍්‍රශංසාව තවදුරටත් ලබන්න පුළුවන් විදිහට අපි කටයුතු කළ යුතුයි" යැයි පැවසීය.

    මෙම අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී.එම්.එස්. බටගොඩ, අමාත්‍යතුමාගේ උපදේශක ඩබ්. බී. ගනේගල යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya