අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වාහන වෙන්දේසියෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියට රුපියල් මිලියන 40 ක වාර්තාගත ආදායමක්...

    ජනවාරි 02, 2016
    භාවිතයෙන් ඉවත් කළ සංචිත වාහන වෙන්දේසියෙන් රුපියල් මිලියන 40ක වාර්තාගත ආදායමක් උපයා ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමත්ව සිටී. මෙම වාහන වෙන්දේසිය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සුබ සාධන ගොඩනැගිල්ලේදී පසුගියදා පැවැත්විණ.
    මීට පෙර වරාය අධිකාරියේ භාවිතයෙන් ඉවත් කළ වාහන,ටෙන්ඩර් කැදවීමෙන් විකුණා දැමිණ. එහෙත් විවිධ මාෆියාවල බලපෑම් හේතුවෙන් වාහන අලෙවි වූයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට අඩු ආදායමක් ලබා දෙමිනි. මෙම තත්ත්වය නිරීක්ෂණය කළ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති දම්මික රණතුංග මහතා වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ උපදෙස් මත භාවිතයෙන් ඉවත් කළ සියලු වාහන වෙන්දේසි කිරීමට තීරණය කළේය. එම වෙන්දේසිය සඳහා ඇතුළත් වූ වාහන ගණන 50ක් වන අතර ඒ ආශ්‍රිත උපකරණ 33ක්ද වෙන්දේසි කෙරිණ. ඉදිරිපත් වූ ඉදිරිපත්වු ලංසුකරුවන්ගේ ගණන 67කි.
     
    ශ්‍රී ලංකා වරාය අධිකාරිය විශාල වාහන සංඛ්‍යාවක් එක්වර වෙන්දේසියට ඉදිරිපත් කළ පළමු අවස්ථාවද මෙය වේ. වෙන්දේසි කළ වාහනවලින් බහුතරය පසුගිය ආණ්ඩු සමයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට අගතියක් වන සේ මිලදී ගත් වාහන වීමද විශේෂත්වයකි. එම වාහන කෙටිකලකින්ම අබලන් තත්ත්වයට පත් විය. අමතර කොටස්වල මිල ඉහළ අගයක් ගැනීම හේතුවෙන් ඒවා තවදුරටත් නඩත්තු කිරීමද ශ්‍රී ලංකා වරාය අධිකාරියට බරක් විය. එම වාහන මිලදී ගැනීමේදී ශ්‍රී ලංකා වරාය අධිකාරියට සිදු වූ පාඩුව ගැන ගැඹුරින් විමර්ශනය කරන බවද වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
     
    AP
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya