අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමාජය සංවර්ධනයට ගමන් ගමන් කිරීමේ දී එරට ජන සමාජය මනා ශාරීරික යෝග්‍යතාවයෙන් සිටිය යුතුයි

    ජනවාරි 01, 2016

    සමාජයක් ලෙසත් රටක් ලෙසත් මිනිස් සමාජය සංවර්ධනය කරා ගමන් කිරීමට එරට ජන සමාජය යහපත් සෞඛ්‍ය තත්වයෙන් හා මනා ශාරීරික යෝග්‍යතාවයෙන් සිටීම ඉතාම වැදගත් බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

    2016 නව වසරට සුබපැතුම් එක් කරමින් නිකුත් කළ නිවේදනයේ මේ බව පවසා තිබේ.

     

    ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ සුබපැතුම් එක් කළ නිවේදනය මෙසේ ය.


    මානව ඉතිහාසයේ සංවර්ධනයට මිනිසාගේ මානසික හා ශාරීරික සංවර්ධනය බෙහෙවින් ඉවහල් වී තිබේ. ඒ තුලින් මිනිසා ලබා ගත් ජයග්‍රහණ අති මහත්ය. මිනිසාගේ යහපත් ජීව ක්‍රියාවලිය මත ඔහුගේ පැවැත්ම රදා පවතී. ඒ සදහා යහපත් ශාරීරික හා සෞඛ්‍ය පුරුදු ඉතා වැදගත් වේ. මිනිසාගේ ජීව ක්‍රියාවලියේ සමබරතාවය, තුල්‍යත්වය, ක්‍රියාශීලීකම තුලින් යහපත් ජීවිත පැවැත්ම උදාකර ගත හැකිය.

     

    සමාජයක් ලෙසත් රටක් ලෙසත් මිනිස් සමාජය සංවර්ධනය කරා ගමන් කිරීමට එරටේ ජන සමාජය යහපත් සෞඛ්‍ය තත්වයෙන් හා මනා ශාරීරික යෝග්‍යතාවයෙන් සිටීම ඉතාම වැදගත්ය.ඒ තුලින් බිහිවෙන ශක්ති සම්පන්න, ක්‍රියාශීලී, නිරෝගී ජාතියක්, ක්‍රියාශීලී මානව සමාජයක් රටකට වත්කමකි.

     

    සමාජයේ කුඩාම ඒකකය වන පවුල තුලද යහපත් සෞඛ්‍ය පුරුදු, යහපත් ක්‍රීඩා පුරුදු, යහපත් ගුණාංග පවතීද ඒ පවුල ආර්ථික අතින්ද, සමාජීය අතින්ද, භෞතික අතින්ද, මානසික අතින්ද සංවර්ධිතය.

     

    ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස මා වෙත පැවරී ඇති වගකීම හා යුතුකම වන්නේ ජාත්‍යන්තරය ජයගන්නා ක්‍රීඩා පරපුරක් බිහිකිරීම තුලින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුල ඉහලින්ම ඔසවා තැබීම මෙන්ම ක්‍රියාශීලී, යහපත් ශාරීරික සෞඛ්‍යයෙන් හා යහපත් මානසික තත්ත්වයෙන් හෙබි ජනතාවක් රට තුල ගොඩ නැගීමයි.

     

    2016 වසරේ ක්‍රීඩාශීලී ජාතියක් රට තුල ගොඩ නැගීමේ අභියෝගය අරම්භ කරමින් රට තුල සිටින සියලුම සමාජ ස්තරයන්, පවුල් ඒකකයන් ශාරීරිකව සවිබල ගැන්වීමට ක්‍රියා කිරීම සදහා එකාවන්ව, එක්සිත්ව, යහපත් මානසිකත්වයකින් එකතුවන ලෙස ශ්‍රී ලාංකේය සමස්ථ ජනයාට ඉතා ගෞරවයෙන් යුතුව ඇරයුම් කරමින් ඒ සදහා සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya