අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතපසුවීම් නිවැරදි කර ජීවිතය සාර්ථක කර ගැනීමට යහපත් අධිෂ්ඨානයෙන් යුතුව නව වසර ආරම්භ කරමු

    ජනවාරි 01, 2016

    අතපසුවීම් නිවැරදි කර ජීවිතය සාර්ථක කර ගැනීමට යහපත් අධිෂ්ඨානයෙන් යුතුව නව වසර ආරම්භ කරමු යැයි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය,ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා නව වසරට සුභාෂිංශන එක් කරමින් ප්‍රකාශ කරයි.

    නව වසරේ සුබ පැතුම් පණිවුඩය වැඩිදුරටත් මෙසේ ය.

     

    සැම නව වසර උදාවකදීම පෞද්ගලිකව මෙන්ම සාමාජීය වශයෙන් නව බලාපොරොත්තු ඇති කර ගැනීම ස්වාභාවය යි. එබැවින් වසරක් ගෙවී නව වසරක් එළඹෙන අද දිනය සැම සිත්හි නවමු හැගීම් ජනිත වන ප‍්‍රබෝධමත් දිනයකි.

     

    ගෙවී ගිය වසර තුළ සිදු වූ අඩුපාඩු, අතපසුවීම් නිවැරදි කර ජීවිතය සාර්ථක කර ගැනීමට යහපත් අධිෂ්ඨානයෙන් යුතුව නව වසර ආරම්භ කරමු.

    අලූත් බලාපොරොත්තු, අපේක්ෂා මානව ජීවිත සක‍්‍රීය කරන බැවින් නව වසර ඒ අපේක්ෂා,බලාපොරොත්තු සාක්ෂාත් කර ගැනීමට ඉඩ හසර නිර්මාණය කර දෙයි.රටක් ජාතියක් වශයෙන් ඉදිරි අනාගතය ජය ගැනීම ශ්‍රී ලාංකීය අප සැමගේ අරමුණයි.

    පසුගිය වසරක කාලය තුළ නව රජය සාමකාමී නිදහස් ස්ථාවර රාජයයකට අවැසි පසුබිම ගොඩනගා ඇත.ජනතාවගේ බලාපොරොත්තු නිවැරදි ව ඉටු කිරීම රජයේ බලාපොරොත්තුවයි.

    ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ අන් කවරදාවත් නොවූ වෙනසකට මුල පිරූ 2015 වසර සිහිපත්කරමින් අදින් ආරම්භ වන නව වසර යහපාලනය ස්ථාවර වූ නිදහස් සමෘද්ධිමත් දේශයකට මඟ විවර වනු ඇත.2016 වසර සුභ නව වසරක් වේවා යි ප‍්‍රාර්ථනා කරමි.

     

    ගයන්ත කරුණාතිලක (පා.ම)පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍ය

    ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක,

    2015 දෙසැම්බර් 31 දින දී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya