මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික උද්‍යානවලට පැමිණෙන සංචාරකයන්ගේ වර්ධනයක්

    දෙසැම්බර් 31, 2015

    ජාතික උද්‍යානවලට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව 2015 වසරේ සැප්තැම්බර් මස වනවිට කැපී පෙනෙන වර්ධනයක් අත්කරගෙන තිබේ.

     

    තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාවේ ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව වසර 2015 සැප්තැම්බර් 30 දිනට ජාතික උද්‍යාන නැරඹීමට පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව 2,057,581කි. ඉන් විදේශීය සංචාරකයින් සංඛ්‍යාව 307,074ක් වන අතර දේශීය සංචාරකයින් 1,750,507කි.

     

    මෙම සංඛ්‍යාව පසුගිය 2014 වසර හා සසදන විට දේශීය සංචාරකයින්ගේ සියයට 12%ක වැඩි වීමක් සහ විදේශීය
    සංචාරකයින්ගේ පැමිණීමේ සියයට 17%ක වැඩි වීමකි.

     

    මෙම කාලසීමාව තුළ උද්භිද උද්‍යාන වෙත පැමිණි දේශීය සංචාරකයින්ගේ සංඛ්‍යාව 1,764,933ක් වන අතර විදේශීය සංචාරකයින්ගේ සංඛ්‍යාව 307,074ක් වෙයි.

     

    සංචාරකයන් උද්‍යාන වෙත පැමිණීමෙන් වසර 2015 සැප්තැම්බර් 30 දිනට ලැබූ ආදායම දේශීය වශයෙන් රුපියල් මිලියන
    69.2කි. විදේශිකයන්ගෙන් ලැබුණු ආදායම රුපියල් මිලියන 325.8 කි. ඒ අනුව සමස්ත ආදායම රුපියල් මිලියන 395.0ක් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya