අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළමු මත්ස්‍ය සුපිරි වෙළඳ සැල මොණරාගල දී විවෘත වේ

    දෙසැම්බර් 31, 2015
     
    දිවයිනේ සෑම ප්‍රධාන නගරයකම මත්ස්‍ය නිෂ්පාදන වලින් සමන්විත සුපිරි වෙළඳ සංකීර්ණ ඉදිකර ජනතාවට පහසුකම් සැපයීමට වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.
    අමාත්‍යවරයා මෙහිදී පැවසුයේ පෝෂණ ගුණයෙන් පිරිපුන් නැවුම් මත්ස්‍ය නිෂ්පාදන ලබා ගැනීමට ජනතාවට අවස්ථාව ලබා දීම මෙහි අපේක්ෂාව බවත් ලංකා ධීවර සංස්ථාව පත්ව ඇති දැඩි මුල්‍ය අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා මෙම මත්ස්‍ය සුපිරි වෙළෙද සැල් ඇරඹීම මඟින් පිටිවහලක් වනු ඇති බවත්ය.
     
    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියේ පළමු මත්ස්‍ය සුපිරි වෙළඳ සැල පසුගියදා මොණරාගල දී විවෘත කෙරිණ. 
     
    පෞද්ගලික අංශයේ ද සහය ලබා ගනිමින් ධීවර සංස්‌ථාවට ද අනුබද්ධව මෙම මත්ස්‍ය සුපිරි වෙළඳ සැල් වායු සමීකරණය කළ සියළු පහසුකම් වලින් ද සමන්විත බවද අමාත්‍යවරයා පැවසීය.
     
    සහන මිළට අලුත් මාළු ජනතාවට ලබා දීම මෙම ව්‍යාපෘතියේ තවත් අරමුණක් වන අතර මෙම සුපිරි වෙළද සැල් මඟින් අලුත් මාළු මෙන්ම කරවල හා සෙසු මත්ස්‍ය නිෂ්පාදන ද බිත්තර හා කුකුල් මස් ද මිළ දී ගැනීමට ජනතාවට පහසුකම් සලසන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා තවදුරටත් පැවසීය.
     
    AP
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya