අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරි මාස 03 දී පුරප්පාඩු විසිදහසක් සම්පූර්ණ කරනවා - අධ්‍යාපන ඇමැති

    දෙසැම්බර් 29, 2015

    ගුරුවරුන් 15,000 ක්, විදුහල්පතිවරුන් 4,431 ක් හා අධ්‍යාපන පරිපාලන සේවයේ තනතුරු 852 ක් ඇතුළුව පුරප්පාඩු විසිදහසකට වැඩි ප්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර ඒ සියල්ල ඉදිරි මාස තුන (03) ඇතුළත සම්පූර්ණ කිරීමට අවශ්‍ය කටයුතු යොදන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.


    නව ගුරුවරුන් 431 දෙනෙකුට පත්වීම් ලිපි ලබාදීම වෙනුවෙන් අද (29) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ‍

    මෙහිදී තොරතුරු තාක්ෂණ ගුරුවරුන් 200 ක්, බටහිර සංගීත ගුරුවරුන් 70 ක් සහ විද්‍යාපීඨ ගුරුවරුන් 161 ක් අතින් පත්වීම් ලැබූහ.


    අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙනස්කම් රාශියක් ඇතිකිරීමට තමා විසින් කටයුතු යොදා ඇති බවත්, ඒ සියල්ල විනිවිද භාවයකින් යුක්තව සිදුකරන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

    මෙවර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ගුරු සිසුන් බඳවාගත්තේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් බවත්, ඊට හේතුව පත්වීම් ලැබුණු පසු ඔවුන්ට පහසුවෙන් සේවය කළ හැකි වාතාවරණයක් නිර්මාණය කරදීම බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

    මීට අමතරව සෑම කලාප අධ්‍යාපන කාර්යාලයකට ම එක බැගින් වන පරිදි ගුරු පුහුණු මධ්‍යස්ථාන ඇතිකිරීම සඳහා මුදල් වෙන් කර ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
    මේ අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.එස්. රාධාක්‍රිෂ්ණන් මහතා, අධ්‍යාපන ලේකම් ඩබ්ලිව්.එම්. බන්දුසේන මහතා ඇතුළු අතිරේක ලේකම්වරුන් හා විද්‍යාපීඨ කොමසාරිස්වරයා ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya