අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උපාධි නැති තොරතුරු තාක්ෂණ ගුරුවරුන්ට උපාධි අවස්ථා

    දෙසැම්බර් 28, 2015

    උපාධිධාරීන් නොවන තොරතුරු සන්නිවේදන තාක්ෂණ ගුරු භවතුන් සඳහා වෘත්තිය තාක්ෂණික විශ්වවිද්‍යාලය මඟින් උපාධි අවස්ථා ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ 2016 වසරේ දී ගුරුවරුන් 500කට උපාධි අවස්ථා ලබාදීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

    2015-2016 ප්‍රගතිය සහ නව සංවර්ධන වැඩසටහන් වාර්තාව ඉදිරිපත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය මේ බව දක්වා ඇත.

     

    මේ යටතේ 2015 වර්ෂය සඳහා ගුරුවරුන් 35 දෙනෙකු සඳහා මෙම අවස්ථාව ලබා දී ඇත.

     

    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපන ප්‍රවර්ධන පද්ධතිය, සංරචක 5ක් ඔස්සේ ක්‍රියාත්මක වේ.

     

    ඒ යටතේ පළාත් හා කළාප තොරතුරු හා තාක්ෂණ මධ්‍යස්ථාන විශිෂ්ට මධ්‍යස්ථාන ලෙස දියුණු කිරීම, අන්තර්ජාලයෙන් දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා පාසල් මට්ටමින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ඉ-තක්සලාව ඉගෙනුම් අන්තර්ජාල කළමනාකරණ පද්ධතිය වෙත ගුරුවරුන් හා සිසුන් යොමු කිරීම, තරුණ පරිගණක විද්‍යාඥයෝ තරගවලිය යනාදී වැඩසටහන් ක්‍රියාත්මක කොට ඇති බව මෙම වාර්තාවේ වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya