අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩෙංගු මර්දන ජනාධිපති කාර්යසාධක බලකාය ජනවාරි රැස්වෙයි

    දෙසැම්බර් 27, 2015

    වැසි සහිත කාලගුණයත් සමඟ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බැවින් ජනවාරි මාසයේ ඩෙංගු මර්දන ජනාධිපති කාර්යසාධක බලකාය වහාම කැඳවීමට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කොට ඇත.

    ජාතික ඩෙංගු මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය ජනවාරි මස කැඳවීම පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ජනාධිපතිතුමා සමඟ මේ වනවිටත් සාකච්ඡා කර ඇති අතර, ඒ අනුව ජනාධිපතිතුමාගෙන් ජනවාරි මස ඒ සඳහා දිනයක් ලැබුණු පසු ජාතික ඩෙංගු මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය ජනවාරි මස කැඳවීමට නියමිත බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.



    එමෙන්ම පසුගිය 21 සිට 23 දක්වා බස්නාහිර පළාත කේන්ද්‍ර කොට ගනිමින් ක‍්‍රියාත්මක කරන ලද ඩෙංගු මර්දන වැඩසටහනේ දී හදුනා ගත් ගැටලු, ඩෙංගු මර්දනය කටයුතු පිළිබඳ ගත යුතු ඉදිරි ක‍්‍රීයාමාර්ග පිළිබඳ ප‍්‍රගති සමාලෝචන රැස්වීමක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් අනිද්දා දින වසංගත රෝග විද්‍යා අංශයේ දී පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හා ජාතික ඩෙංගු මර්දන බලකාය කටයුතු යොදා ඇත.

     

    පසුගිය 21 සිට 23 යන තෙදින ක‍්‍රීයාත්මක කළ ඩෙංගු මර්දන වැඩසටහන තුළින් කොළඹ, කළුතර හා ගම්පහ දිස්ත‍්‍රීක්කවල පරිශ‍්‍ර 80,650 ක් පරීක්ෂාවට ලක් කර ඩෙංගු මදුරු කීටයන් සහිත පරිශ‍්‍ර 1366 ක් ද, මදුරුවන් බෝවිය හැකි පරිශ‍්‍ර 7,566 නිවැරදි කිරීමටත්, 3,084 කට නොතීසි නිකුත් කිරීමටත්, 521 කට නඩු පැවැරිමටත් කටයුතු කර තිබේ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya