අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහාචාර්ය බිරාකන් ප්‍රසාත් බරුවා අද දිවයිනට

    දෙසැම්බර් 24, 2015
    ලෝක තරුණ බෞද්ධ සම්මේලනයේ ජාත්‍යන්තර උපදේශක මහාචාර්ය බිරාකන් ප්‍රසාත් බරුවා මහතා අද  (24) නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යංශය සඳහන් කරයි.
    ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ ගුණ සමරුවට සමගාමීව ධර්මපාල පරෝපකාර පදනම සංවිධානය කරන ස්වර්ණ බිම්බ ගෞරව සම්මාන උපාධි අක්ත පත්‍ර ප්‍රධානෝත්සවයේ හෙට (25) පැවැත්වෙන අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විම සඳහා ඒ මහතා ලංකාවට පැමිණේ.
    ලෝක තරුණ බෞද්ධ සම්මේලනය හා ලෝක සන්නිවේදන සංගමය මූලිකත්වයෙන් බුද්ධ ශාසන අමාත්‍යංශය 2016 වරෂයේ මැයි මාසයේ දී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ජත්‍යන්තර තරුණ බෞද්ධ හුවමාරු වැඩසටහන සාර්ථකව පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවේ වැඩසටහන්වල ප්‍රගතිය අධ්‍යයනය කිරීමද මෙම සංචාරයේ එක් අරමුණි.
    දින තුනක් ලංකාවේ රැඳී සිටින ඒ මහතා දළඳා වහන්සේ වැඳපුදා ගැනීමට හා මල්වතු හා අස්ගිරි පාර්ශවයන් හි මහනායක හිමිවරැන් බැහැදැකීමට ද නියමිත බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya