අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තෙදින ඩෙංගු මර්දන වැඩසටහන තුළ 3084කට නොතීසි

    දෙසැම්බර් 24, 2015

    බස්නාහිර පළාත කේන්ද්‍රකොට ගනිමින් ක‍්‍රියාත්මක වූ විශේෂ තෙදින ඩෙංගු මර්දන වැඩසටහන මදුරුවන් බෝවිය හැකි ස්ථාන 7566 ක් නිවැරදි කරමින් හා 3084 කට නොතීසි නිකුත් කර තිබේ.

    පවතින වර්ෂාපතනයත් සමඟ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් වාර්තාවීම හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත පසුගිය 21 වැනි දා සිට ඊයේ (23) දක්වා බස්නාහිර පළාත කේන්ද්‍රකොටගෙන තෙදින විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය තීරණය කළේය.

     

    බස්නාහිර පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 28 ක, කණ්ඩායම් 426 යොදාගෙන මෙම ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.

     

    එම තෙදින තුළ කොළඹ, කළුතර හා ගම්පහ දිස්ත‍්‍රීක්කවල පරිශ‍්‍ර 80,650 ක් පරීක්ෂාවට ලක් කර ඩෙංගු මදුරු කීටයන් සහිත පරිශ‍්‍ර 1366 ක් ද, මදුරුවන් බෝවිය හැකි පරිශ‍්‍ර 7,566 නිවැරදි කිරීමටත්, 3,084 කට නොතීසි නිකුත් කිරීමටත්, 521 කට නඩු පැවැරිමටත් කටයුතු කර ඇත.

     

    මෙම වැඩසටහනට පරිසර, අධ්‍යාපන, ආරක්ෂක, පළාත් පාලන යන අමාත්‍යාංශත්, ඩෙංගු මදුරු මර්දන කාර්ය සාධක බලකාය, ජාතික ඩෙංගු මර්දන වැඩසටහන සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ සහයෝගයෙන් සහ ත‍්‍රිවිධ හමුදාව, පොලීසිය හා සිවිල් ආරක්ෂක දෙපාර්තෙමින්තු නිලධාරින්ගේ දායකත්වයෙන් ක‍්‍රියාත්මක විය.

     

    ඊයේ දිනෙන් අවසන් වු තෙදින ඩෙංගු මර්දන වැඩසටහන සාර්ථකව අවසන් කිරීමට සහයෝගය ලබාදුන් සැමට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya