අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පසුගිය නොවැම්බර් 20ට පෙර කාර් ණයවර ලිපිවලට පෙර බදු ගෙවීමට අනුමැතිය

    දෙසැම්බර් 23, 2015

    2015.11.20 දින පෙර විවෘත කරන ලද ණයවර ලිපි අනුව ආනයනය කරනු ලබන විදුලි කාර් ඇතුළු සියලු කාර් එදින පෙර බලපැවැත්වූ බදු අනුපාතිකය යටතේ බදු ගෙවා නිදහස් කර ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය, සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

    මෙහිදී 2015.11.20 දිනට පෙර විවෘත කරන ලද ණයවර ලිපි මත ආනයන වාහන බදු ගෙවීමට සිදු වී ඇති ඇතැම් සමාජිකයින් තමන් එවැනි බදු ඉහළ දැමීමක් බලාපොරොත්තු නොවූ බැවින් දැඩි අසීරුතාවයකට මුහුණ දී ඇති බවට විවිධ වෘත්තිකයින්ගේ සංගම් විසින් තමන් වෙත හා අදාළ බලධාරීන්ට ඉදිරිපත් කළ දුක් ගැනවිලි අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී ඇත.

     

    ඒ අනුව සිදු කළ සාකච්ඡාව අනුව මෙම තීරණය ගෙන තිබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya