අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවරයාත් මහා සයුරත් රැක ගැනීමට කැප වෙනවා - ධීවර රාජ්‍ය අමාත්‍ය

    දෙසැම්බර් 25, 2015
    සමස්ථ ධීවරයාත් ධීවර කර්මාන්තය මෙන්ම මහා සයුරත් ආරක්ෂා කර රැක දීමට දිවි හිමියෙන් කැපවන බවත්  ධීවරයාට හෝ කර්මාන්තයට හානිදායක කිසිදු තීන්දුවක් නොගන්නා බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.
    සුළුපන්න ධීවර කාර්මිකයන් සමඟ හලාවත දී පැවැති සාකච්ඡාවක දී ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මේ බව සඳහන් කළේය. 
     
    මෙහිදී සුළු පන්න ධීවර කාර්මිකයින් ඉදිරිපත් කළ ගැටළු එකිනෙකට විසඳුම් ලබා දුන් අතර ඇතැම් ගැටළු නිලධාරීන්  වෙත යොමු කරමින් දිලිප් වෙදආරච්චි මහතා උපදෙස් දෙනු ලැබුවේ එම ගැටළු වලට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙසය.
     
    ධීවර ක්ෂේත්‍රයේ මතුව ඇති ඇතැම් ගැටළු පිළිබඳව ජනාධිපතිතුමාගේ මෙන්ම අග්‍රාමාත්‍යතුමාගේ අවධානයට ලක්කර විසඳුම් ලබා දීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා කියා සිටියේය.
     
    මහා සාගරය විනාශ කරමින් මත්ස්‍ය සම්පතට හානි කරන කිසිදු නීති විරෝධී ක්‍රියාවකට ඉඩ නොතබන්නැයි නිලධාරීන්ට පැහැදිලිව උපදෙස් දී ඇතැයි අමාත්‍යතුමා මෙහිදී අවධාරණය කළේය. 
     
    මෙම  අවස්ථාවට පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා මෙන්ම පළාත් සභා හා ප්‍රාදේශීය සභා නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටියහ. 
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya