අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදෙස් සංචාරකයන්ගේ වර්ධනයක් පෙන්වයි

    දෙසැම්බර් 26, 2015

    වසර 2015 දී මෙරටට පැමිණි විදෙස් සංචාරකයන්ගේ වර්ධනයක් පෙන්නුම් කර තිබේ. සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශයේ වාර්ෂික ප්‍රගති වාර්තාවේ මේ බව පෙන්වා දී තිබේ.


    ඒ අනුව වසර 2015 ඔක්තෝබර් මස වනවිට මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 1,448,119කි. එහෙත් වසර 2014 දී
    සම්පූර්ණ වර්ෂය ගත් විට පැමිණ සිටි සංචාරකයින් සංඛ්‍යාව 1527153කි.

     

    වසර 2014 ඔක්තෝබර් මාසයේ පමණක් පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 132,280 ක් බව අතර එය 2014 දී ඔක්තෝබර් මාසය
    වනවිට 121,576කි.සංචාරක පැමිණීමේ ප්‍රතිශතය වසර 2013/14 සියයට 19.8%කි.2015 වැඩිම සංචාරක පැමිණීම ජූලි මාසයෙන් වාර්තා වෙන අතර එය 175,804ක සංඛ්‍යාවකි.

     

    2015 වසරේ සැප්තැම්බර් මස වනවිට ඉන්දියාවෙන් වැඩිම විදේශිකයන් පිරිසක් ශ්‍රී ලංකවට පැමිණ තිබේ. වසර 2014 දී
    ඉන්දියාවෙන් 170,671ක් වසර 2015 දී 220,907ක් ලෙස සියයට 29.4%ක් පැමිණ තිබේ.දෙවැනි තැන චීනයට හිමිව තිබේ. වසර 2014 දී 94,994ක් 2015 දී විදේශිකයන් 164,941ක් ලෙස සියයට 73.6%ක් එක්සත් රාජධානිය වසර 2014 දී 109,330ක් 2015 දී 122,291 ලෙස සියයට 13.9%ක් විදේශිකයන් ශ්‍රි ලංකාවට පැමිණ තිබේ.

     

    මේ කාලය තුළ සංචාරය සඳහා වසර 2015 දී 135,749ක් ද ව්‍යාපාර සඳහා 25,314ක් ද ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි ප්‍රගති වාර්තාව
    තොරතුරු දක්වා තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya