අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් මේ උත්සව සමයට තෑගි රැසක්

    දෙසැම්බර් 25, 2015
     
    මේ උත්සව සමයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වෙබ් අඩවිය www.srilankan.com. ඔස්සේ  ආසන වෙන්කරවා ගන්නා නිරන්තර පියාසර වැඩසටහනේ සාමාජිකයන් සදහා මුදල් වවුචර සහ තෑගි රැසක් ලබාදීමට ගුවන් සමාගම කටයුතු කර ඇත. ගුවන් සමාගම හා නිරතුරුවම කටයුතු කරමින් එක්ව සිටින පාරිභෝගිකයන් සදහා කෘතගුණ සැළකීමක් ලෙස මෙම විශේෂ ත්‍යාග ගුවන් සමාගම විසින් ලබාදෙනු ඇත. 
    ගුවන් සමාගම විසින් මෙම ත්‍යාග වවුචර පාරිභෝගිකයන්ගේ අන්තර්ජාල ලිපින වෙත යැවීමට සළස්වන අතර  මෙම වවුචර ඔවුන්ගේ අනෙකුත් ගුවන් ගමන් සඳහා විශේෂ වට්ටමක් ලෙස භාවිත කළ හැක. මෙම වවුචර හුවමාරු කළ හැකි ඒවා වන අතර  පාරිභෝගිකයන්ට අවශ්‍ය නම් ත්‍යාග වශයෙන් නෑදෑ හිතමිතුරන් වෙත ප්‍රදානය කිරීමට ද අවස්ථාව ඇත.
     
    මෙම වවුචර භාවිත කළ හැක්කේ යුරෝපය,මැද පෙරදිග ,දකුණු ආසියාව සහ ඈත පෙරදිග රටවල් 19ක නඟර 31 දක්වා වූ ශ්‍රීලංකන් ගුවන් ගමන් සඳහා පමණි. 
     
    මෙහිදී එක් වවුචරයක් පමණක්  2016 ජනවාරි මස 31 වැනිදා ට පෙර සිදුකරන ආසන වෙන්කරවා ගැනීම් සඳහා භාවිත කළ හැකි අතර ඒ සඳහා  සංචාරය වලංගු වන්නේ 2016 ජනවාරි මස 1 වැනි දා සිට 2016 මාර්තු මස 31 වැනි දා දක්වා පමණි.
     
    ශ්‍රීලංකන්  ගුවන් සමාගම සිය  නිරන්තර පාරිභෝගික ප්‍රජාව සමග පැවැති සුහදත්වය සහ සමීප බව තවත් තහවුරු කරමින්  මෙම මුදල් වවුචර ලබාදීමට  කටයුතු කර ඇත. ආකර්ෂණීය වට්ටම් යටතේ ගුවන් සමාගම එහි වෙබ් අඩවිය හරහා සංචාරක පැකේජ රැසක් මේ වන විට හදුන්වා දී ඇත. ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ  සාමාජික ගුවන් සේවයකි. 
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya