අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියළු උපාංග සහිත වාහන පමණක් ආනයනය කිරීමට පියවර ගැනේ

    දෙසැම්බර් 23, 2015
    මෙරටට වාහන ආනයනය කිරීමේදී  සියළු උපාංග සහිත වාහන සඳහා පමණක් අවසර ලබා දීමට  පියවර ගන්නා බවත්  මෙහිදී  අදාළ නිෂ්පාදන සමාගම් විසින් තක්සේරු කරන ලද මිල ගණන් පමණක් ඉදිරිපත් කළ යුතු බවද මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
    ඒ මහතා මෙම අදහස් පළ කළේ  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේ දීය.
     
    පෞද්ගලික අංශයේ සේවකයන්ට ද ඉදිරි වසරේ දී රු. 2500 ක් වැටුප් වැඩි වීමක් ලබාදීමට කටයුතු කරන බවත්,  රජයේ සේවකයන්ට ලබා දුන් රු. 10,000 දීමනාවෙන්, පළමු අදියර යටතේ රු.2500 ක් මුලික වැටුපට එක් කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. වසර හතකට පසු මූලික වැටුපට වැඩිම මුදලක් එක්වු පළමු අවස්ථාව මෙය බවද අමාත්‍යවරයා පැවසීය.
     
    මේ වන විට රජයේ වත්කම ඇ.ඩො. බි. 76 කි. මෙය ඇ.ඩො. බි. 100 දක්වා වර්ධනය කරගත යුතුය. නැතිනම් රටේ ජනතාව පීඩාවට පත් වේ. රජයේ ආදායමෙන් 43%ක් විශ්‍රාම වැටුප් හා සේවක වැටුප් සඳහාත්, ණය හා පොලිය සඳහා 58 % ක් වැය වේ. ඉතිරි සියල්ල කළ යුත්තේ ණය මඟිනි යනුවෙන් ඇමතිවරයා පෙන්වා දුනි.
     
    මෙවර අයවැය විවාදය සඳහා අන්කවර කලකටත් වඩා කාලය ලැබුණු බවත් එවැනි සමාජ කථිකාවකට ඉඩ ලබාදීමට හා , ජනතාවට ඇහුම්කන් දීමට පවතින රජය කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya