සැප්තැම්බර් 20, 2020
tami eng youtube  twitter facebook

    මුදල් ඇමැති සහ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක හර්බජාන් සිං අතර හමුවක්

    දෙසැම්බර් 22, 2015

    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ සුපිරි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන් ම ප්‍රකට ව්‍යාපාරිකයකු වන හර්බජාන් සිං අතර හමුවක් අද (22) පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේ දී පැවැත් විණි.

    ශ්‍රී ලංකාවේ සිය ආයෝජන කටයුතු සිදු කිරීමේ මූලික වටයේ සාකච්ඡා මෙහි දී පැවැත්විණි.

     

    හර්බජාන් සිං එහි දී සඳහන් කළේ 2016 අයවැය මගින් ආයෝජකයන් දිරිමත් කර තිබීම ශ්‍රී ලංකා සංචාරයට හේතුව වූ බවයි.

     

    විවිධ ක්ෂේත්‍ර යටතේ ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට සූදානම් බව ද හෙතෙම සඳහන් කළේ ය. වෙනත් විදෙස් රටක ආයෝජන සිදු කිරීමට වඩා ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීමට ලැබීම සතුටට කරුණක් බවත් එය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සබඳතාව ශක්තිමත් කරවන්නක් බවත් සිං පෙන්වා දුන්නේ ය.

     

    මෙහි දී අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේ 2016 අයවැය මගින් විදෙස් ආයෝජකයින් දිරිමත් කිරීම සඳහා හඳුන්වා දුන් වැඩපිළිවෙළ මෙවන් සුපිරි චරිත ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා පැමිණීම තුළින් වඩාත් ප්‍රත්‍යාක්ෂ වන බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya