අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර ජනතාවගේ ගැටළු වලට කඩිනම් විසඳුම්

    දෙසැම්බර් 21, 2015
    ධිවර  ජනතාවගේ සෑම ගැටළුවකටම ලබාදිය හැකි සාධාරණ විසඳුම් ලබා දීමට තමා කැප වී ක්‍රියා කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.
    අමාත්‍යවරයා මෙම අදහස් පැවසුයේ හලාවත, අඹකදවිල හා කරඬුගොල්ල ප්‍රදේශ වලදී පසුගියදා පැවති සාකච්ඡා හා ජනහමු කීපයකට සහභාගී වෙමිනි.
     
    ප්‍රදේශයේ ධීවර ජනතාවගේ ගැටළු වලට විසඳුම් ලබා දීම, ධීවර ජනතාවගේ පොදු පහසුකම් සංවර්ධනය මෙන්ම ධීවර ජනතාවට සිය කර්මාන්තයේ දී මුහුණපාන ගැටළු හඳුනා ගනිමින් ඒවාට විසඳුම් ලබා දීම අරමුණු කර ගනිමින් මෙම සාකච්ඡා හා රැස්වීම් සංවිධානය කර තිබුණේ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතාගේ ප්‍රධානත්වයෙනි.
     
    වසර 17 කට පසු කරඬුගොල්ල ඇතුළු ධීවර ගම්මාන වලට ධීවර අමාත්‍යවරයෙකු පැමිණි ප්‍රථම අවස්ථාව මෙය වන අතර  එම ගම්මාන වල ධීවර ජනතාව විසින් අමාත්‍යවරයා ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය. මෙහිදී ප්‍රදේශයේ ධීවර ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලමින් ධීවර ගම්මාන වලට මෙන්ම තොටුපළ සඳහා ප්‍රවේශ මාර්ග ද හලාවත වැල්ල ධීවර ගම්මානයේ පෙර පාසල හා ප්‍රජා ශාලාව ධීවර ජනතාවගේ අයිතියට පත් කිරීම ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අතින් සිදු කෙරිණ. මෙහිදී ධීවර ජනතාව මුහුණපාන ගැටළු රැසකට කඩිනම් විසඳුම් ලබා දීමට එම ගැටළු වගකිව යුතු නිලධාරින් වෙත යොමු කර, ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳ ඒ මොහොතේ දීම උපදෙස් ලබා දීම ද අමාත්‍යතුමා විසින් සිදු කරන ලදී. 
     
    විශාල ධීවර ජනතාව අමතමින් අමාත්‍යවරයා  කියා සිටියේ කුඩා ධීවර කාර්මිකයා මෙන්ම තෙප්පම් ධීවර කාර්මිකයාද රැක ගනිමින් ඔවුන්ට ලබා දිය හැකි සෑම සහනයක්ම ලබා දීමට කටයුතු කරන බවය. හලාවත ධීවර ජනතාවගේ එකම ඉල්ලීම මෝය කට පුළුල් කර සංවර්ධනය කර දෙන ලෙසට බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කර අවශ්‍ය කටයුතු කඩිනමින් සලසන බවද අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම තමා කිසි විටක ධීවර ජනතාවට හානි දායක තීන්දු තීරණ නොගන්නා බවත් ධීවර ජනතාව සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ නිවාස මෙන්ම ජල හා විදුලිය ගැටළුවට ද කඩිනම් විසඳුම් ලබා දීමට ක්‍රියා කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
     
    නීති විරෝධී කටයුතු මඟින් ධීවර කර්මාන්තයේ යෙදෙන අතලොස්සක් වන පිරිසකගෙන් සමස්ථ ධීවර කර්මාන්තයටම සිදුවන හානිය පිළිබඳව අවධානය යොමු කර ඇති බවත් එවැනි නීති විරෝධී ක්‍රියා වැලැක්වීමට වහා පියවර ගන්නැයි සියලු 
    නිලධාරීන්ට හා වගකිව යුතු ආයතන වලට පැහැදිලි උපදෙස් ලබා දී ඇතැයි ද ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය 
    අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.
     
    ධීවර සමුපකාර ව්‍යාපාරය මඟින් සිදුවන සේවාව තව දුරටත් පුළුල් කිරීමටත් විදෙස් ආධාර ලබා ගනිමින් ධීවරයාට සහන සැලසීමටත් දැල් ආම්පන්න හා උපකරණ ලබා දීමටත් කටයුතු කරන බව සඳහන් කළ අමාත්‍යවරයා ඉල්ලුම් කර ඇති දැල් ඉදිරි සතිය තුළ ලබා දීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් පැවසීය.
     
    දැල් සහනාධාරය මෙන්ම එන්ජින් මිලදී ගැනීම සඳහා සහනදායී වැඩපිළිවෙලක් සලසන්නැයි ධිවර ජනතාවගෙන් ඉදිරිපත් වන ඉල්ලීම් කෙරෙහි අවධානය යොමු කර ඇති බැවින් ඒ සදහා ද  සුදුසු වැඩපිළිවෙලක් සකස් කර කෙටි කාලයක් තුළ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවද පැවසීය.
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya