අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ වරායේ බහළුම් මෙහෙයුම් ප්‍රමාණය මිලියන 5 ඉක්මවයි

    දෙසැම්බර් 21, 2015
    කොළඹ වරායේ 2015 වසරේ මේ දක්වා වූ ලාභය රුපියල් බිලියන 29 ක් බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. 
    ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ වරායේ සමස්ත බහළුම් මෙහෙයුම් ප්‍රමාණය මිලියන 5 ඉක්මවීම සැමරීමේ උත්සවයට සහභාගි වෙමිනි. එම උත්සවය අද කොළඹ වරායේ ජයබහළු පර්යන්තයේදී පැවැත්විණ. එහිදී මිලියන පහ සම්පූර්ණ කළ බහළුම් මෙහෙයුම් සිදු කළේ  අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ලබා දුන් සංඥාවෙනි. 
     
    “ගිය අවුරුද්දට වඩා අපිට විශාල කන්ටේනර් ප්‍රමාණයක් ගොඩ බස්සන්න පුළුවන් වුණේ මේ ඉන්න නිලධාරීන්ගේ වගේම සේවකයින්ගේ තිබුණ උනන්දුව හේතුවෙන්. අපිට තාම තියෙන්නේ පරණ ආම්පන්න. එසේ තිබියදීත් අපේ සේවකයෝ කැපවීම් කරලා අද මේ වරාය ඉහළ තත්ත්වයකට ගෙනල්ලා තියෙනවා. අපි හැමදෙනාම දන්නවා කොළඹ වරායෙන් අපිට බිලියන 29 ක ආදායමක් තියෙනවා මේ වන විට. අපිට ප්‍රශ්නය වෙන්නේ මේ වරායෙන් ලැබෙන ආදායම, අනෙක් වරායෙන් ලැබෙන පාඩු වෙනුවෙන් යොදවන්න සිද්ධ වීම යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
     
    මේ වන විට කොළඹ වරාය ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්හි පවතින්නේ 26 වැනි ස්ථානයේයි. පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී කොළඹ වරායේ සමස්ත බහළුම් මෙහෙයුම් ප්‍රමාණයේ වර්ධනය 8.3% වර්ධනය වී තිබේ. 2015 වසරේ මේ දක්වා භාණ්ඩ මෙහෙයුම් ප්‍රමාණය ටොන් 67 255 කි. පසුගිය වසරේ එම කාලසීමාවට සාපෙක්ෂව එහි වර්ධනය  3.9 % ක් වේ. 
     
    අමාත්‍ය අර්ජුන රණතුංග තවදුරටත් අදහස් දක්වමින් පැවසූවේ ඉදිරියේදී කොළඹ වරාය දියුණු කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කරන බවයි. ඒ සඳහා හම්බන්තොට වරාය අභියෝගයක් වූ නමුත් එය ජය ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමත් බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. 
    AP
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya