අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අක්ෂිදාන සංගමට ලබාදෙන වාර්ෂික මුදල් වැඩි කිරීමට පියවර

    දෙසැම්බර් 21, 2015

    ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය වෙත සෞඛ්‍ය අමාත්‍යංශය විසින් වාර්ෂිකව ලබාදෙන රුපියල් ලක්ෂ 02ක මුදල ලක්ෂ 10 දක්වා ඉහළ නැංවීමට අදාළ චක්‍ර ලේඛණ නිකුත් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    පසුගිය දා ජාතික අක්ෂිදාන දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය සංවිධානය කළ 64 වන සමරු උත්සවය අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

     

    දැනට උද්ගතව ඇති අක්ෂි පටක ලබාදීමේ දී ගැටලුව සඳහා අක්ෂි රෝහල් චක්‍රලේඛයක් නිකුත් කරන අක්ෂි ශල්‍ය වෛද්‍යවරු එම චක්‍රලේඛය අනුගමනය කළ යුතු යැයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

     

    1961 වර්ෂයේ පිහිට වූ අක්ෂිදාන සංගමය මෙ වන විට දෘෂ්‍යාබාධිත ජනතාවට අක්ෂි කුණිත 48,000ක් පමණ නොමිලේ ලබා දී ඇත. ඔවුන් පටක බැංකුවක් ද පවත්වාගෙන යයි. දැනට 10,000ක් පමණ අක්ෂි පටක නොමිලේ ලබා දී ඇත. එමෙන්ම එහි නිර්මාතෘ දොස්තර හඩ්සන් සිල්වා අක්ෂි රෝහලෙන් බාහිර රෝගීන් 10,000ක පමණ ඇසේ සුද ඉවත් කිරීම එතුමාට උපහාර පිණිස නොමිලේම සිදු කොට ඇත.

     

    දිවයින පුරා ශාඛා 300ක් පමණ පවත්වාගනිමින් පරිත්‍යාගශීලීන් 1,200,000 පමණ ඇස් හා පටක දායකත්වය ලබාගැනීමට හැකි වී ඇත. දැනට විදේශ රටවල් 57ක රෝහල්වලට ද අක්ෂි කුණිත පරිත්‍යාග කිරීම අක්ෂි දාන සංගමය සමත් වී තිබේ.

     

    මෙහි දී වකුගඩු අරමුදල සඳහා රුපියල් දසලක්ෂයක මුදලක් හා දෘෂ්‍යාබාධිත සිසුන් වෙනුවෙන් රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් අමාක්‍යවරයා අතින් පිරිනැමීම මෙහි දී සිදු විය. මොබිටෙත් ආයතනය අංක 6060 ඇමතීමෙන් මෙම ආයතනය ඍජුව සම්බන්ධ කරගැනීම් අවකාශය ද මෙහි දී ලබා දෙන ලදි.

     

    මේ අවස්ථාවට ශ්‍රී ලංකා අක්ෂි දාන සංගමයේ පැවිදි අනුශාසක ශාස්ත්‍රපති පූජ්‍ය මාවරලේ භද්දිය හිමි, ප්‍රධාන ලේක්ම් ඩී. සී. ත්‍රිසාන රණසිංහ, සර්වෝදයේ නායක ඒ. ටී. ආරියරත්න, ඇතුළු මහත්වරු පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya