අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තෙදින ඩෙංගු මර්දන වැඩසටහන අද ඇරඹේ

    දෙසැම්බර් 21, 2015

    පවතින වර්ෂාපතනය සමඟ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් වාර්තාවීම හේතුවෙන් අද (21) සිට ලබන 23 දක්වා බස්නාහිර පළාත කේන්ද්‍රෙකාටගෙන තෙදින විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

    මේ වසරේ දිවයිනේ ඩෙංගු මරණ 54 ක් හා ඩෙංගු රෝගීන් 27,426 ක් වාර්තා වී ඇත. එම රෝගීන් අතරින් බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයෙන් 9111ක් ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 3753ක් ද කළුතර දිස්ත්‍රික්කයෙන් 1415ක් ද වාර්තා වී ඇත. ඒ අනුව 30%ක වැඩි ප්‍රතිශතයක් ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බව සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තා සඳහන් කරයි.

     

    පවතින වර්ෂාපතනය අඛණ්ඩව පැවතුනහොත් 2016 වර්ෂය වන විට රෝගීන්ගේ සංඛාව තවත් ඉහළ යාමේ අවධානමක් පවතී. එම තත්ත්වය අවම කරගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

     

    කොළඹ දිස්ත්‍රික්කයේ මේ වසරේ රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ කොළොන්නාව, දෙහිවල, කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව හා කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයන්වලිනි.

     

    බස්නාහිර පළාතේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල 28 ක කණ්ඩායම් 426 ක් යොදාගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මෙහිදී දුමායන කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා වෙනත් දිස්ත්‍රික්කවල දුමායන උපකරණ ද මෙයට යොදවා ගැනීමට කටයුතු සලසා ඇත.

     

    මෙම වැඩසටහන සඳහා පරිසර, අධ්‍යාපන, ආරක්ෂක හා පළාත් පාලන අමාත්‍යංශ, ඩෙංගු මර්දන කාර්ය සාධක බලකාය, ත්‍රිවිධ හමුදාව, පොලිසය හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයේ සහයෝගයෙන් ක්‍රියාත්මක කරනු ලැබේ.

     

    මීට සමගාමීව වසංගත රෝග විද්‍යා අංශයේ ඩෙංගු විශේෂ මෙහෙයුම් මැදිරියක් ද ක්‍රියාත්මක වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya