අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනවාරී සිට අටපිරික වෙළෙඳසැල් ලියාපදිංචි විය යුතුයි

    දෙසැම්බර් 19, 2015

    අට පිරිකර, සිවුරු ,පාත්‍ර නිෂ්පාදනය හා අලෙවි කරනු ලබන නිෂ්පාදකයින් වෙළෙදුන් තම ආයතනය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරිම සිදු කළ යුතු බව එම දෙපාර්තමේන්තුව පවසයි.

    අටපිරිකර අලෙවි කිරීම සම්බන්ධව 2015 ජුනි 11 වන දින නිකුත් කර ඇති විශේෂ ගැසටි නිවේදනයට අනුව අටපිරිකර ,දෙපට සිවුර තනිපට සිවුර, අදන කඩය, පාත්‍රය හා බද පටය යන භාණ්ඩ,නිෂ්පාදනය කරන හා අලෙවි කරන වෙළෙන්දන් සඳහා වන ලියාපදිංචි අයදුමිපත් 2016 ජනවාරි 01 වැනි දින සිට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැකිය.

    මෙම අයදුම්පත් දෙපාර්තමේන්තුවට පැමිණ හෝ තැපැල් මගින් අයදුම්පත් ලබා ගත හැකි අතර මුද්දර සහිත 9x4 ප්‍රමාණයේ ලියුම් කවරයක් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නො .135 ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවත කොළඹ 07 ලිපිනයට එවීමෙන් තැපෑලෙන් ද අයදුම්පත් ලබා ගත හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි .

    අදාල නිෂ්පාදකයින් හා අලෙවිකරුවන් විසින් ඉදිරිපත් කරනු ලබන නියදි සහිත අයදුම්පත් අදාළ නිර්දේශ සමඟ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වෙත එවිමෙන් පසුව ඒවා ප්‍රමිති ආයතනය වෙත ඉදිරිපත් කර ප්‍රමිතියට අනුකූල වන්නේ නේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය සිදු කරනු ලබන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් අවධාරණය කරයි.

    අදාළ ලියාපදිංචි සහතිකය වසර 03 ක් සඳහා නිකුත් කරනු ලබන අතර එය තම නිෂ්පාදන හා වෙළෙඳ ආයතනයේ ප්‍රදර්ශනය කළ යුතු අතර පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් පැමිණ විමසු විට එය ඉදිරිපත් කළ යුතු බව අවධාරණය කරයි.

    බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා මෙම නියෝග පිලිනොපදින වෙළෙන්දන් හා නිෂ්පාදකයන් පිලිබද පාරිභෝගි සේවා අධිකරිය මගින් වැටලීම් සිදු කිරීමටද අවධානය යොමු වී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya