මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රීලංකන් ගුවන් සමාගම විශිෂ්ඨ සමස්ත සේවා සපයන ගුවන් සේවය බවට පත්වේ

    දෙසැම්බර් 20, 2015
    ශ්‍රීලංකන් ගුවන් සමාගම පසුගියදා සිංගප්පූරුවේ දී පැවැත්වූ  2015 Future Travel Experience Asia  සම්මාන උළෙලේ  දී  මධ්‍යම සහ දකුණු ආසියානු කලාපයේ විශිෂ්ඨතම සමස්ත සේවා සපයන  ගුවන් සේවය බවට සම්මානයෙන්  පිදුම් ලැබීය. 
    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අජිත් ඩයස් මහතා ප්‍රකාශ කර සිටියේ “ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නව කළමනාකාරීත්වය විසින් ගුවන් සමාගමේ සම්පත් සහ හැකියාවන් සිය පාරිභෝගිකයන්ට උපරිම තෘප්තියක් ලබාදීම සඳහා ගුවන් සහ ගොඩබිම මෙහෙයුම් සඳහා කැපවීමෙන් යොදා ගැනීමට කටයුතු කරන බවයි.  මෙම සම්මානය  අනාගතයේ තවත් බොහෝ සම්මාන සඳහා ඉවහල් වනු ඇති බව ද ඒ මහතා කියා සිටියේය. 
     
    මේ සම්මාන උළෙලේ දී ශ්‍රීලංකන් ගුවන් සමාගම ඇතුළු ගුවන් සේවා 5ක් සම්මානයට පාත්‍ර විය. මෙම සමස්ථ සේවා අංශය සඳහා සම්මානයට පාත්‍ර වූ අනෙකුත් ගෝලිය ගුවන් සේවා වූයේ සිංගප්පූරු ගුවන් සේවය, කැතේ පැසිෆික් ,එයාර් නිවිසීලන්ඩ්  සහ කටාර් එයාර්ලයින්ස් ය. 
     
    2015  Future Travel Experience Asia  සම්මාන උළෙලේ දී ආසියාවේ පාරිභෝගික හිතකර ගුවන් සේවා සහ ගුවන් තොටුපළවල් ඇගයීමට ලක්කළ අතර ගුවන් සේවා ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගෙන් සැදුම්පත් විනිසුරු මඩුල්ලක් ඔස්සේ ජයග්‍රාහකයින් තෝරාගනු ලැබීය.. 
     
    සමස්ත සේවා ගුවන් සේවා තෝරාගැනීම සඳහා නිෂ්පාදන සහ සේවා රැසක් සැලකිල්ලට ගත් අතර එනම් ව්‍යාපාර පංතිය,පිරිමැසුම් පංතිය ඇතුළු අනෙකුත් ගුවන් පන්ති ,දිගු දුර ගුවන් ගමන්,කෙටි දුර ගුවන් ගමන්,ගුවන් යානා අභ්‍යන්තර විනෝදාස්වාදක පද්ධති,ගුවන් මැදිරි සේවා,සුවපහසුව ,ආහාරපාන,සේවාවේ ස්ථිරභාවය,සහ සමස්ත  ගුවන් මගී අත්දැකීම්  මේ සඳහා විනිශ්චයට භාජනය විය. 
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya