අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතිරේක භෝග වගාවන් සදහා ගොවීන් යොමු කෙරේ

    දෙසැම්බර් 20, 2015
    ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනට අදාළව දේශීය නිෂ්පාදන වැඩි කිරීම මඟින් ආනයනය සඳහා වැය වන විදේශ විනිමය රට තුළ ඉතිරි කරගැනීමට හැකි වේ. ඒ සදහා මෙරට නිෂ්පාදනය කළ හැකි අතිරේක භෝග වගාවන් සඳහා ගොවීන් යොමු කිරීමට පියවර ගන්නා බව කෘෂීකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පැවසීය.
    ඒ අනුව බඩ ඉරිඟු, සෝයා, ලොකු ලූණු, මිරිස්, අර්තාපල්, මුං ඇට, කව්පි, රටකජු, තල, උඳු, කුරක්කන්, කහ වැනි භෝගවල වාර්ෂික නිෂ්පාදන දෙගුණ කිරීමේ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව ද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.
     
    ඊට අමතරව එළවලු නිෂ්පාදන කලාප සංවර්ධනය තුළින් වර්තමාන නිෂ්පාදනය 150% කින් වැඩි කිරීම, ඵලදායිතාවය නැංවීම හා පුද්ගලික අංශයේ පූර්ණ දායකත්වයෙන් ආරක්ෂිත ගෘහ තුළ සහ ක්ෂේත්‍රයේ අවාරයේ නිෂ්පාදනය වැඩි කිරීම සඳහා කටයුතු කරන බවත් අලෙවි ජාලය ශක්තිමත් කිරීමෙන් පසු අස්වනු තාක්ෂණය වැඩි දියුණු කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පැවසීය.
     
    කෘෂි අංශයේ සංවර්ධනය උදෙසා ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ මඟ පෙන්වීම මත දීප ව්‍යාප්තව තුන් අවුරුදු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. මේ සදහා තම අමාත්‍යංශයේ සක්‍රීය දායකත්වය ජාතික, පළාත් හා දිස්ත්‍රික්ක මට්ටමින් සියලු පාර්ශවකරුවන්ගේ වෙත ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පැවසීය.
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya