අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකන් වෙතින් නත්තල් කැරොල් වැඩසටහනක්.

    දෙසැම්බර් 19, 2015
    නත්තල් උදාව නිමිත්තෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් නත්තල් කැරොල් වැඩසටහනක් අද රාත්‍රී 6.00 ට බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී  පැවැත්වේ.
    නත්තල හා බැඳුණු විවිධ සිරිත් විරිත් හා කැරොල් ගීත,නාට්‍යමය අවස්ථා,නර්ථන ඇතුලු විවිධ සංස්කෘතික අංගයන්ගෙන් සමන්විත මෙම වැඩසටහන ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ දක්ෂතාවලින් වර්ණවත් වී තිබේ. සියලුම දෙනාට නොමිලේ රසවිඳිය හැකි මෙම වැඩසටහන 32 වෙනි වරට පැවැත්වීමද විශේෂත්වයකි.  
     
    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කිතුනු බැතී ගී කණ්ඩායමේ සුමිහිරි කට හඬවල් වලින් ගීතවත්වන  කිතුනු බැතිගී, වර්ණවත් ඇඳුම් ආයිත්තම් වලින් සමන්විත නාට්‍ය සහ  නැටුම් ද දැකබලාගනීමට මෙහිදී ඔබට අවස්ථාව උදා වේ.  
     
    මෙය වාර්ෂිකව පැවැත්වෙන සමාජ සත්කාරක වැඩ සටහනක් වන අතර මෙයින් ලැබෙන අරමුදල් වැඩිහිටි නිවාසවල ජීවත් වන පුද්ගලයන් සතුටට  සහ විනෝදයට පත්කිරීම සඳහා යෙදවීම මෙහි තවත් අරමුණක් වී තිබේ. එහිදී සියලුම වැඩිහිටියන් සඳහා තෑගි ලබාදීමට කටයුතු යොදා තිබේ. 
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya