අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙසැ. 24දාට පෘථිවිය අසළින් ගමන් කරන යෝධ ඇස්ටරොයිඩයෙන් තර්ජනයක් නෑ

    දෙසැම්බර් 18, 2015

    2003 SD 220 ලෙස නම් කර ඇති යෝධ ඇස්ටරොයිඩයක් දෙසැම්බර් 24දාට පෘථිවිය හා සඳ අතර දුර මෙන් 28.4 ගුණයක් (පෘථිවිය සිට කිලෝ මීටර් මිලියන 11ක් පමණ) දුරින් ගමන් කරන බවත් එයින් පෘථිවියට කිසිඳු තර්ජනයක් නැති බවත් ආතර සී ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ විද්‍යාඥ සරාජ් ගුණසේකර මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

    කිලෝ මීටර් 1.5ක් පමණ විශාලත්වයකින් යුත් මෙම යෝධ ඇස්ටරොයිඩය පෘථිවියට කිසිඳු බලපෑමක් සිදු කිරීමට හැකියාවක් නොමැති බවත් ඒ පිළිබඳව ජනතාව බියක් ඇති කරගැනීමට අවශ්‍ය නැති බවත් ඒ මහතා සඳහන් කරයි.

     

    එසේම, තවත් කුඩා ප්‍රමාණයේ (එනම් මීටර් 13ක විශාලත්වයෙන් යුත්) ආකාශ වස්තුවක් හෙට (19) දිනයේ පෘථිවිය හා සඳ අතර දුර මෙන් 0.2ක දුරින් (පෘථිවිය සිට කිලෝ මීටර් 76,000ක්) ගමන් කරන බවත් එය 2015 YB ලෙස නම් කර ඇති බවත් සරාජ් ගුණසේකර මහතා පවසා සිටියි. එම ඇස්ටරොයිඩයෙන් ද පෘථිවියට කිසිඳු තර්ජනයක් සිදු වීමට ඉඩකඩක් නොමැති බවත් ඔහු අවධාරණය කරයි.

     

    දෙසැම්බර් 23වෙනිදා 2015 XN 261 ලෙස නම් කළ තවත් මීටර් 27ක පමණ විශාලත්වයෙන් යුත් කුඩා ආකාශ වස්තුවක් පෘථිවිය හා සඳ අතර දුර මෙන් 2.6ක ගුණයක් දුරින් (පෘථිවිය සිට කිලෝ මීටර් මිලියන 0.7ක් පමණ) ගමන් කරන බවත් ඉන් පෘථිවියට කිසිඳු බලපෑමක් සිදු නොවන බවත් පර්යේෂණ විද්‍යාඥ සරාජ් ගුණසේකර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

     

    පෘථිවිය සිට සඳට දුර කිලෝ මීටර 384,000ක් තිබෙන බව පවසන සරාජ් ගුණසේකර මහතා පෘථිවියට කිසියම් බලපෑමක් එල්ල කළ හැකි එකම ආකාශ වස්තුව සඳ (චන්ද්‍ර ගුරුත්වාකර්ෂණ බලය) පමණක් බව ද පැහැදිලි කරයි. නමුත් අවරුදු මිලියන ගණනක සිට සඳ පෘථිවිය වටා ඉලිප්සාකාරව ගමන් ගන්නා බවත් එම ගමනේ දී පෘථිවිය හා සඳ අතර දුර අඩු වීමක් සිදු වීමෙන් පෘථිවියට කිසියම් බලපෑමක් ඇති විය හැකි නමුත් එවැනි ක්‍රියාවක් සිදු වීම විරල යැයි ද ඔහු පවසයි.

     

    එසේම පෘථිවිය මත හටගන්නා භූ කම්පන, ගිනි කඳු පිපිරීම් සහ සුනාමි වැනි ස්වාභාවික විපත් සඳහා පෘථිවිය අභ්‍යන්තරයේ සිදු වන වෙනස්කම් හේතුවන බවත් උදාහරණයක් ලෙස භූමි කම්පා ඇති වන්නේ පෘථිවි ස්ථර අස්ථායි වීමක් සිදු වීමෙන් බවත් සරාජ් ගුණසේකර මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

     

    2005 වසරේ දී ශ්‍රී ලංකාව ඇතුළු ආසන්න රටවල් මුහුණ දුන් සුනාමි ව්‍යසනය සිදු වී එළඹෙන දෙසැම්බර් 26වෙනිදාට වසර 10ක් සම්පූර්ණ වීම හා මෙවැනි අභ්‍යවකාශ වස්තු ගමන් කිරීම මුල් කරගනිමින් විවිධ ආපදාවන් ඇති විය හැකි යැයි පළ කෙරෙන විවිධ මත සත්‍ය නොවන බවත් ජනතාව ඒ පිළිබඳව අනිසි බියක් ඇති කර ගත යුතු නැතැයි මෙයින් පැහැදිලි වේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya