අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රි පාද වන්දනාවාරය ඇරඹිමට සධාතුක කරඬුව හා දේව ප්‍රතිමාව වැඩම කරවිම 23 දා

    දෙසැම්බර් 20, 2015
     
    මෙවර ශ්‍රි පාද වන්දනාවාරය සමාරම්භ කරමින් සධාතුක කරඬුව හා සමන් දේව ප්‍රතිමාව රැගත් මහ රිය පෙරහැර  දෙසැ.23 දින අළුයම් කාලයේ  ගමන් ආරම්භ කරන බව ශ්‍රි පාදස්ථානාධිපති අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේ විසින් ප්‍රකාශ කලහ.
    මෙම රිය පෙරහැර ගල්පොත්තාවෙල ශ්‍රි පාද රජමහ විහාරස්ථානයෙන් පිටත්ව හැටන් නල්ලතන්නි මාර්ගයේත් ශ්‍රි පලාබද්දල මාර්ගය ඔස්සේ හා බලංගොඩ මාර්ගයේ ගමන් කෙරෙන බව ශ්‍රි පාද වන්දනාවාරය නිමිත්තෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පවත්වන ලද රැස්විමේදි  ශ්‍රී පාදස්ථානාධිපති නායක ස්වාමීන් වහන්සේ මෙසේ අනාවරණය කළහ.
     
    සධාතුක කරඬුව හා සුමන සමන් දේව ප්‍රතිමාව රැගත් රිය පෙරහැර එදින ‍පෙ.ව. 8.00 පමණ නව නගරයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මංසන්දියේදි දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා විසින් පිළිගැනිම සිදු කරනු ලබන බව රත්නපුර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.
     
    AP/DMU-Ratnapura
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya