අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලුත් අවුරද්දට පෙර මැතිවරණය පැවැත්වීම රජයේ ඉලක්කයයි

    දෙසැම්බර් 18, 2015

    එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර, පළාත් පාලන මැතිවරණය පැවැත්වීම රජයේ ඉලක්කය බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පැවසීය.


    පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව පැවසීය.

     

    දෙසැම්බර් 31 වනදා කාලසීමාව අවසන් වන පළාත් පාලන ආයතනවල නාගරික කොමසාරිස්වරුන් සහ ලේකම්වරුන් කැඳවා මැතිවරණය පවත්වන තෙක් බාරකාර ආණ්ඩුවක් ලෙස එම ආයතන පවත්වාගෙන යාමට උපදෙස් දෙන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

     

    පළාත් පාලන කොට්ඨාස සීමා නිර්ණය පිළිබඳ අභියාචනා කමිටුවට යෝජනා 2000ක් පමණ ලැබී ඇති බවත්, මේ වන විට එම යෝජනා විමර්ශනය කරමින් පවතින බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya