පාර්ලිමේන්තුවේ අද (17) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
ප්රජාතන්ත්රවාදී ආණ්ඩුවක් තුළ අයවැය සංශෝධන සිදු වන බවත් ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් එයට ලැබුණු ජනතා ප්‍රතිචාර මත ඉතා හොඳින් යම් යම් සංශෝධන සිදු කර තිබෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
තේ කර්මාන්තයේ පවතින ගැටලු විසඳීමේ වැඩපිළිවෙළක් ලබන ජනවාරී මස ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙන බවත් එහිදී කෙටි හා දිගු කාලීන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.