මෙම වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු ඊයේ (09) ආරම්භ වූ අතර ලබන 14 වැනිදා දක්වා සිදු කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පැවසීය.
ඒ මහතා ප්‍රකාශ කළේ එම ඇගයීම් කටයුතු සඳහා ගුරුවරුන් 6,256ක් යොදා ගැනෙන බවයි.
මෙම ඇගයීම් කටයුතු සඳහා සම්පූර්ණ වශයෙන් පාසල් 21ක් යොදා ගැනෙන අතර අර්ධ වශයෙන් පාසල් 17ක් යොදා ගැනේ.
දිස්ත්‍රික්ක 20ක් තුළ නගර 37කදී මෙම ඇගයීම් කටයුතු සිදු කෙරේ.