අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංචාරක පැමිණීම මිලියනය ඉක්මවයි

    අගෝස්තු 14, 2015

    ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව පසුගිය ජුලි මාසය අවසන් වන විට 16.8% කින් වර්ධනය වෙමින් මිලියනයක කඩඉමට ළඟා වී තිබේ.

    ජුලි මාසයේදී ශ්‍රී ලංකාව වෙත පැමිණි සංචාරකයන්ගෙන් වැඩි පිරිස චීනයෙන් මෙරටට ළඟා වී ඇති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

     

    එම කාර්යාංශයේ දත්තවලට අනුව ජුලි මාසයේදී සංචාරකයන් 25,000ක් පැමිණ ඇති අතර, එය 65.5%ක වැඩිවීමකි.

     

    එමෙන් ම, මෙරටට පැමිණි සංචාරකයන් අතර වැඩි පිරිස දිනකට ඇ.ඩො. 250කට වැඩි මුදලක් වියදම් කරන සංචාරකයන් බවද එම කාර්යාංශය පෙන්වා දෙයි.

     

    ශ්‍රී ලංකාවේ අනෙකුත් කර්මාන්තවල වර්ධනය යම් ස්ථාවර මට්ටමක පවතිද්දී, මහ බැංකු වාර්තාව අනුව සංචාරක කර්මාන්තය 14% ක දියුණුවක් ලබා ඇති බවද සභාපතිවරයා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya