අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අටවන ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණය අගෝ:27 හා 28 දෙදින

    අගෝස්තු 11, 2015
    කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණය - 2015” අගෝස්තු 27 හා 28 යන දෙ දින පුරා කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත්වේ.
    “වෘත්තිය ගුණාංග ධාරණය කිරීම තුළින් ජාතික සංවර්ධනය ඇති කිරීම” යන තේමාව පදනම් කරගෙන මෙවර පවත්වනු ලබන මෙම සම්මන්ත්‍රණයේ මූලාසන දේශණය අගමැතිවරයා සිදු කිරීමට නියමිත අතර දේශීය හා විදේශීය වෘත්තියවේදීන්, ශ්‍රාස්ත්‍රීයවේදීන්, විවිධ අංශයන්ගේ පර්යේෂණ පවත්වන ලද සහ නිපුණතාවයන් දක්වන ලද උගතුන් රාශියක්ම මෙම සම්මන්ත්‍රණය සඳහා සහභාගිවීමට නියමිතය.
    මෙවර සම්මන්ත්‍රණය සඳහා ආරාධිත දේශකයන් 40ක් පමණ සහභාගී වන අතර 300 කට අධික විද්වතුන් ප්‍රමාණයක් සිය ඉදිරිපත් කිරීම් සිදු කිරීමට නියමිතය. 
    මෙවර සම්මන්ත්‍රණය සඳහා ඉන්දියාව, බංග්ලාදේශය, සිංගප්පූරුව, පකිස්තානය, මැලේසියාව, මාලදිවයින්, දකුණු කොරියාව, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය හා ඔස්ට්‍රේලියාව යන රටවල් නියෝජනය කරමින් විද්වතුන් රාශියක්ම මේ සඳහා ඉදිරිපත්විමට නියමිතය. 
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya