අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් විශේෂ දීමනාවක්

    අගෝස්තු 08, 2015
     
    ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිරන්තර පියාසරකරන්නන්ගේ වැඩ සටහන වු ෆ්ලයිස්මයිල්ස් වෙතින් cash plus miles දීමනාව හදුන්වා දෙමින් එහි සාමාජිකයින් සදහා සෘජු ගුවන් මෙහෙයුම් සිදුකරන ගමනාන්ත වෙත පහසු මිළ ගණන් යටතේ පියාසර කිරීමට අවස්ථාව සලසා දී ඇත.
    මෙම දීමනාව 2015 අගෝස්තු 15 වන දින දක්වා සිදු කරන ආසන වෙන් කරවා ගැනීම සඳහා පමණක් වලංගු වේ. 2015 සැප්තැම්බර් 1-ඔක්තෝම්බර් 31 දක්වා සංචාරය කිරීමෙන් ෆ්ලයිස්මයිල්ස් සාමාජිකයන්ට ඔවුන් උපයාගත් මයිල්ස් සහ මුදල් සුසංයෝගය උපයෝගී කරගෙන ඕනෑම ගමනාන්තයක් වෙත මෙම විශේෂ දීමනාව හිමිවේ.
     
    මේ අනුව යුරෝපය වෙත යෑමට සහ ඒමට රුපියල් 24,400 ක් වැනි අඩු මුදලකටද දකුණු ඉන්දියාවට රුපියල් 8,600 ක් වැනි සහන මුදලකටත් සංචාරය කිරීමට ෆ්ලයිස්මයිල් සාමාජිකයින්ට හැකිවනු ඇත.
     
    ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිරන්තර පියාසර වැඩ සටහන සහ ව්‍යාපාර සබඳතා ජ්‍යෙෂ්ඨ කළමනාකාර වන්වර්ල්ඩ් ව්‍යාපෘති අධ්‍යක්ෂ රුවන්ති රොද්‍රිගෝ මහත්මිය අදහස් දක්වමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිරන්තර පියාසර කරන්නන්ට ඔවුන් උපයාගත් මයිල්ස් (සැතපුම් ) මුදා හැරීමෙන් ලෝකය වටා පියාසර කිරීමේ අවස්ථාව උදා කර දීමට හැකි වීම සතුටට කරුණක් බවත් නව දීමනාව තුලින් ඔවුන්ට යුරෝපය, මැද පෙරදිග, ඈත පෙරදිග සහ ඉන්දියාවේ ගමනාන්ත 30 ක් පුරා සංචාරය කිරීමට අවස්ථාව හිමිවන බවද පැවසීය. 
     
    ශ්‍රීලංකන්  ගුවන් සමාගම පසුගිය වසරේ වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානය හා එක්වීම තුළින් ෆ්ලයිස්මයිල්ස් සාමාජිකයන්ට විශේෂ වාසි රැසක් උදාවී ඇත. මෙම වැඩසටහන යටතේ ෆ්ලයිස්මයිලස්  ගෝල්ඩ් සහ ප්ලැටිනම් කාඩ්පත් හිමියන්ට  වන්වර්ල්ඩ් සාමාජික ඕනෑම ගුවන් සමාගමක පියාසර කිරීමේ දී ගමනාන්ත 1000 ක ලෝකයේ ගුවන් තොටුපළ විවේකාගාරයන්හි පහසුකම් ලබාගැනීමට හැකියාව ඇත. එසේම ව්‍යාපාර පංතිය සඳහා ප්‍රමුඛ පිරික්සුම් සේවාව ද ප්‍රමුඛ ගුවන් ගත වීම  මෙන්ම අමතර ගමන් මලු දීමනාව ද ලබාගැනීමට ඔවුන්ට හැකිවේ. මෙම සියලු සේවාවන් ගුවන් මගීන්ට  කිසිදු කරදරයකින් තොරව සුවපහසු ගුවන් ගමනක් ලබාදීම සඳහා සකස් කර ඇත. 
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya