අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහමැතිවරණයෙන් පසු කර්මාන්ත යුගයක් - නි.ඇමැති සූජීව සේනසිංහ

    ජූනි 19, 2015

    මහමැතිවරණයෙන් පසු විශාල කර්මාන්ත මෙරටට ගෙන ඒමට කටයුතු කරන බවත් ඉදිරියේදී කර්මාන්ත යුගයක් ඇති කරන බවත් අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (20) පැවති විශේෂ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

    එහිදී වසර 3ක් ඇතුළත කර්මාන්ත 5,000ක් ඇති කිරීමට අපේක්ෂා කරන බවත් දුම්රිය, බස්, ත්‍රීවිල්, ඖෂධ මේ රටේ නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    දේශීය විදේශීය රැකියා අවස්ථාව බිහි කරන වෘත්තීය පුහුණු ආයතන 10ක් 12ක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් ඒ අනුව පෞද්ගලික අංශයේ රැකියාවකින් මාසිකව රුපියල් 80,000ක වැටුපක් ලබා ගැනීමට හැකි වන අතර විදේශීය රැකියා අවස්ථා තුළ ලක්ෂ 6ක් 7ක් වැනි මාසික වැටුපක් ලබා ගැනීමට හැකි වන බවත් සේනසිංහ මහතා සඳහන් කළේය.

    2025 වන විට සංචාරයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 25ක් දක්වා ඉහළ මට්ටමට ගෙන ඒමට සැලසුම් කර තිබෙන බවත් ධීවර කර්මාන්තය ද නවීන තාක්ෂණය අනුව ගොඩනගන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya