අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොසොන් පුන් පොහෝ දිනය අදයි

    ජූනි 02, 2015

    අනුබුදු මිහිදු හිමියන් ලක්දිවට බුදු දහම වැඩම කෙරුණු පොසොන් පුර පසලොස්වක පොහෝ දිනය අදට (02) යෙදී ඇත.

    අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ පිරිසක් ලක්දිවට නිර්මල බුදුදහම ශ්‍රී ලංකාවට රැගෙන ආවේ අදවන් පිංබර දිනක බව ශාසන ඉතිහාසය අපට පෙන්වා දෙයි.

    මෙරට නිර්මල බුදුදහම මෙන්ම විශිෂ්ට සංස්කෘතියක ආරම්භයක් මහින්දාගමනය හේතු සාධාක විය.දේවානම්පියතිස්‌ස රජු දවස පොසොන් පොහෝ දිනක මිහිදු මහහිමියන් ඇතුළු පිරිස ලංකාවට වැඩම කළ අතර එදවස ඉන්දියාවේ රජ කළේ ධර්මාශෝක රජුය.

    මුව දඩයමේ ගොස් සිටි දේවානම්පියතිස්ස රජුට මිහින්තලා පර්වතයට වැඩම කර සිටි මිහිදු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස හමු විය.

    රජු හා මිහිඳු හිමියන් අතර ඇති වූ කතාබහවලින් පසු අඹ ගස්‌ පිළිබඳව ප්‍රශ්නාවලියක්‌ රජු වෙත ගෙනහැර බුද්ධිය විමසීමට ලක්‌කළ මිහිඳු හිමියන් රටවැසියාගේ ධර්මාවබෝධ හැකියාව තේරුම් ගත්හ.

    මුලින්ම මිහිඳු හිමියන් දේශනා කළ ධර්මයට සවන් දුන් රජු ධර්මය වැළැඳ ගැනීමෙන් පසුව රටවැසියෝ පාපයෙන් මිදී යහපත් දිවි පෙවෙතකට යොමුවූහ.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya